යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහවර ජනපතා ජනතා සේවය වැඩසටහන ආරම්භ කිරීමත් සමග ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් ගෙයින්ගෙට ගොස් ජනතාවගේ නොවිසඳුණු ගැටලු හදුනාගැනීම සිදුකෙරිණි. එලෙස හඳුනාගත් ගැටලු අතරින් වැඩිම ප්‍රමාණයක් ලැබී තිබුණේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොටඨාසයෙනි. ඒම ප්‍රමාණය 27,189 කි. මෙම ගැටලු අතරින් වැඩි ප්‍රමාණයක් නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙන දිනයට පෙපර ම විසඳා අවසන් කළ අතර වැඩසටහන පැවැත්වෙන භූමියට පුද්ගලයන් 2526 දෙනකු පැමිණ තිබිණි.
ඔවුන් විසින් ඒදින ඉදිරිපත් කළ ගැටලු සංඛයාව 4028 කි. මේ ගැටලු අතරින් ගැටලු 3815කට සිකුරාදා දිනයේ දී ම විසඳුම් ලබා දී තිබූ අතර ඉතිරිව ඇති ගැටලු 213 සඳහා ඉක්මණින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෝපායි ප්‍රාදේශීය නිල මෙහෙවර පැවැත්වෙන අතරතුර එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙතෙක් අවිවාහකව සිටි අඹු සැමි යුවළ 10ක් විවාහ කර දමට ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
තෙල්ලිපලයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳුනාගෙන තිබූ නොවිසඳුණු ගැටලු සංඛ්‍යාව 13,371 කි ඉන් සියයට 80ක් පමණ නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන පැවැත්වීමට පෙර දී විසඳීමට හැකිවී ඇති අතර සෙනසුරාදා නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙන භූමියට පැමිණි 3285 දෙනකු විසින් ගැටලු 4610ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් 3230ක් ඒදිනම විසඳීමට හැකියාව ලැබී ඇත. ඒදින විසඳීමට නොහැකි වූ ගැටලු 1380 නොබෝ දිනකින් විසඳීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විවාහ වූ ජෝඩු සංඛ්‍යාව අට කි. මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.
''යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි යාපනයේ ජනතාවගේ නොවිසඳුණු ගැටලු මේ ආකාරයෙන් හෝ විසඳීමට ලැබීම රජයක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයක් හැටියට සළකනවා. නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කර අපේ ක්ෂේත්‍ර නිලධාරීන් ගෙයින් ගෙට ගිහින් නොවිසඳුණු ගැටලු පිළිබඳ සොයා බැලූ විට ගැටලු ලක්ෂ දෙකක් පමණ ඒකතුවෙලා තියෙනවා. මේ ප්‍රමාණය තවත් වැඩි වේවි. ඇතැම් පුද්ගලයන්ට උපන් දා සිටි උප්පැන්න සහතික තිබිලා නෑ, හැඳුනුම්පත් නෑ. සමහරු දරුවන් පමණක් නොවෙයි මුණුපුරන් විවාහ කර දුන්නත් ආච්චිලා සීයලා විවාහ වෙලා නෑ. මේ ගැටලු ගොක් තිබෙනවා. නිවාස ප්‍රශ්න, ඉඩම් හිමිකම් ප්‍රශ්න මේ සියල්ල අපි ඉතා ඉක්මණින් විසඳීමට කටයුතු කරනවා. ඒ් වගේ ම අපිට අනෙත් පළාත් වලට දක්නට නොලැබෙන ඉතා සංවේදී ප්‍රශ්න මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. දැනටමත් අපිට සැමියා මියගිය හෝ අතුරුදන් වීම නිසා කාන්තාවන් විසින් ගෘහ මූළිකත්වය දරණ පවුල් 30,000කින් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සියල්ල අපි විසඳීමට කටයුතු කරනවා."