ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ''තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය '' පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    සැප්තැම්බර් 17, 2018

    සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව ''තොරතුරු අයිතිය හා මාධ්‍යවේදියාගේ කාර්යභාරය '' පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (17) කොළඹ දී පැවැත්විණි.

     

    ලොව පුරා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහතික කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. වත්මන් යහපාලන රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් වූ තොරතුරු දැනගැනීම අයිතිවාසිකම පනත සම්මත කිරීමට කටයුතු කිරීම සමස්ත පුරවැසියා ලද ජයග්‍රහනයකි.

    ''මහජනයා දැනුවත් කිරීමේ වසර ''ලෙස තේමා කර ඇති 2018 වසරේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩපිළිවෙලට සමගාමීව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇත.

     

    අද පැවැති වැඩමුළුව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනී ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, නීතිඥ ජගත් ලියනආරච්චි මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී හා දේශක නාලක  ගුණවර්ධන මහතා ඇතුළු ජනමාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියේ ය.

     

    rti

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya