ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ගුණාත්මක බවින් යුත් ආහාරයට ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගැනේ

    සැප්තැම්බර් 17, 2018

    ප්‍රවෘත්ති නිවේදනයයි

    ගුණාත්මක බවින් යුත්ආහාරයට ගන්නා පොල් තෙල් මහජනතාවට ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගැනේ.

    2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ වෙළඳ පොලේ පවතින ප්‍රමිතියෙන් තොර ආහාරයට ගන්නා පොල් තෙල් ඇතුළු ආහාර පිසීම සඳහා යොදා ගන්නා සියලුම තෙල් වර්ග වෙළඳ පොළට නිකුත් කිරීමේදී ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් ලේබලයක් ඇසුරුමෙහි දක්වා තිබීම අත්‍යවශ්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් කරන ලද වැටලීම්වලදී ආහාරයට ගන්නා පොල්තෙල් ගබඩා කර තිබූ බැරල් ආදී බහාලුම්වල පැවැති අවිධිමත් බව, අපිරිසිදු බව සහ බාල කරන ලද ආදී වූ පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයේ කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව ආහාරයට ගන්නා තෙල් වර්ග සිල්ලරට හෝ තොග වශයෙන් අලෙවි කරනු ලබන සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් හා වෙළදුන් විසින් බෝතල්, බහාලුම් හෝ ඇසුරුමෙහි කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, පරිමාව හෝ බර, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය පැහැදිලිව මුද්‍රණය කළ යුතුය.

    තොග වශයෙන් ආනයනය කර නැවත අසුරා බෙදා හරින්නේනම් ආනයනය කරන ලද දිනය සහ නැවත ඇසුරුම් කරන ලද දිනය ද මුද්‍රණය කළ යුතුය. එසේම මිශ්‍ර තෙල් වර්ගයක් නම් මිශ්‍රණයේ අඩංගු තෙල් වර්ග සහ එහි ප්‍රතිශතයන් සඳහන් කර ඒවා මිශ්‍ර කරන ලද හෝ කවලම් කරන ලද තෙල් බවට ප්‍රකාශයක් සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya