ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවසාන තීරණය ගත යුතු වන්නේ අමාත්‍ය මණ්ඩලයයි - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    සැප්තැම්බර් 17, 2018

    ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 10% කින් ඉහල දැමිය යුතු බවට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ඉල්ලා ඇති අතර එසේ නොවුවහොත් 23 දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනය නොකර වර්ජනය කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) දින පස්වරුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේය.


    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහල යාමත් සමගම සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමය 10% කින් බස් ගාස්තු වැඩිවිය යුතු බවට තමාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. එහෙත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවසාන තීරණය ගත යුතු වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    දැනටමත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබද නිර්ණායකයන් අධ්‍යයනය කොට ඒ පිළිබදව වාර්තාවක් සකස් කරගෙන යන බව ද එමෙන්ම කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතු ද යන්න අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම
    සදහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් වාර්තාවක් සකස් කරන බව ද අමත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.


    මේ පිළිබදව පෞද්ගලික බස් හිමියන්ගේ අදහස් ද සැළකිල්ලට ගෙන ඔවුන් සමග සුහදව සාකච්ඡ කොට මෙම ප්‍රශ්නය විසදා ගැනීමේ අදහසින් 2018-09-19 වන දින පෙරවරු 09.00 ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිළධාරීන් හා බස් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම සාකච්ඡාවේදී කරුණු සැළකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යරයා පැවසූ අතරම බස් මගීන්ගේ සංගම් සමග ද මේ පිළිබදව සාකච්ඡා කීරීමට නියමිත බව ද දැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya