කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක කෙරෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ හා මාතලේ දිස්ත්‍රික්කයේ Tom and JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ 50,000ක් රෝපණය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි - අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ මෙම අඹ පැළ රෝපණය කෙරෙන අතර මාතලේ දිස්ත්‍රික්කය තුළ රෝපණය කෙරෙන Tom and JC අඹ පැළ ප්‍රමාණය 12,500කි.
Tom and JC අඹ විශේෂය වූකලී සමස්ත වර්ෂය පුරාම ඵල හටගන්නා වියළි හා තෙත් කලාපීය දේශගුණයන්ට එකසේ ඔරොත්තු දෙන අඹ ප්‍රභේදයකි. ශ්‍රී ලාංකික වැවිලිකරුවෙක් හා ව්‍යාපාරිකයෙක් වන තෝමස් එල්ලාවල මහතා විසින් මෙම අඹ ප්‍රභේදය අප රටට හඳුන්වා දී ඇති අතර මේ වනවිට එම අඹ විශේෂය දේශීය වෙළෙඳ පොලේ පමණක් නොව විදේශීය වෙළෙඳ පොලේ පවා ඉහළ ඉල්ලුමක් ඇති අඹ විශේෂයක් වේ.
අපේ බොහෝ පලතුරු විශේෂ , එක් කාලයකට පමණක් සීමා වන අතර සෙසු කාලවල පලතුරුවල විශාල හිගයක් ඇතිවේ. එමනිසා මෙම අඹ විශේෂය වසර පුරාම ඵල දරණ අඹ ප්‍රභේදයක් වන හෙයින් මෙම අඹ විශේෂය සෑම දිස්ත්‍රික්කයකම වගා කිරීම සඳහා ගොවීන් උනන්දු කරවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Tom and JC අඹ විශේෂයට අයත් පැළ 7,500ක් මේ වනවිටත් හම්බන්තොට ගොවීන් වෙත ලබා දී ඇති අතර පසුගිය සති අන්තයේ ද අමාත්‍යවරයා අතින් වැව් දහසක් - ගම් දහසක් වැව් සංවර්ධන වැඩ සටහන යටතේ ගෙවතු වගාව සඳහා බෙදා දෙනු ලැබීය.
අපේ විහාරස්ථාන සතුව වගා නොකළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බැවින් සෑම විහාරස්ථානයකටම අයත් ඉඩම තුළ පලතුරු හා එළවලු වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව කී අමාත්‍යවරයා මෙම අඹ පන්සල් ඉඩම් ආශ්‍රිතව වගා කිරීම මගින් අපේ රටේ භික්ෂුන් වහන්සේලාට ජනතාව පලතුරු වගාව සම්බන්ධයෙන් උනන්දු කරලීමේ හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කය තුළ Tom and JC අඹ පැළ රෝපණය හා බෙදා දීමේ වැඩ පිළිවෙළ මෙම මස 21 දින මාතලේ දී ඇරඹෙන අතර, යාපනේ දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත සඳහා Tom and JC අඹ පැළ බෙදා දීම ලබන මස 05 දින යාපනයේ දී සිදු කෙරේ. එම වැඩ සටහන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.