අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

    සැප්තැම්බර් 18, 2018

    ආසියානු ඵලදායීතා සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඊයේ (17) දින පෙරවරුවේ ආරම්භ විය.

    කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩමුළුව ආරම්භ වූ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් මෙන්ම රටවල් 11ක නියෝජිතයින් ද ඊට සහභාගී වී සිටියහ.

    2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ තේමාව වී ඇත්තේ සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ (Workshop on smart Agriculture Extension Models ) කෘෂිකර්ම ව්‍යාප්ති සේවයේ කාර්යභාරය අධ්‍යයනය කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදකයින්ගේ අධ්‍යයන ක්‍රමවේදයේ දී තොරතුරු තාක්ෂණය හා සංඛ්‍යාංක තාක්ෂණය යොදා ගැනීම දිරි ගැන්වීම, සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ පිළිබඳ අධ්‍යයනය හා දැනුම බෙදා ගැනීම, සමාජික රටවල සාර්ථක ආදර්ශවල යොදා ගැනීම් හා ඒවායේ ප්‍රමාණයන් පිළිබඳ පෙර දැක්මක් හා නිර්දේශයන් සකස් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වේ.ඒ අනුව මෙම පුහුණු වැඩමුළුවෙන් ලබා ගන්නා දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ද යොදා ගැනීමට හැකිවනු ඇත.

    මෙම වැඩමුළුව සඳහා APO සංවිධානයේ සමාජික රටවල් වන බංගලාදේශය, ෆීජි, ඉන්දියාව, මැලේසියාව, මොන්ගෝලියාව, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය, ශ්‍රී ලංකාව,වියට්නාමය ආදී රටවල නියෝජිතයින් සහභාගී වූහ.

    එහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා දැනට භාවිත කරන භූමි ප්‍රමාණයට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවයි.එම භූමි ප්‍රමාණය භාවිත කරන්නේ නම් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පහසුවෙන් ම සංවර්ධනය කළ හැකි බවත්, වත්මන් රජයේ අරමුණ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම බවත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya