ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    අතීත ශ්‍රී ලාංකීය රජදරුවන්ට පුණ්‍යනුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහන 23 දා අනුරාධපුරයේ දී

    සැප්තැම්බර් 19, 2018

    අතීතයේ ශ්‍රී ලාංකීය රජදරුවන් විසින් ජාතික හා ආගමික වශයෙන් දේශය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රැවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වීමට නියමිතය.

     

    මෙහිදී අදහස් දැක් වූ අගමැති උපදේශක සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික හා කලා කටයුතු පිළිබඳ උපදේශක පූජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමියන් ප්‍රකාශ කළේ, රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කළ සියලුම අතීත රජ දරුවන් වෙනුවෙන් මෙම පුණ්‍යානුමෝදනාව සිදුකරන බවයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය සිදු කෙරෙන අතර ඊට මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වය සපයනවා.

     

    සැප්තැම්බර් 18 වන දින කතරගම කිරිවෙහෙර අභියසදී ආරම්භ වූ කප්රුක් පූජාව රැගත් රිය පෙරහැර ගාල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල හරහා අනුරාධපුර පූජා නගරය වෙත සැප්තැම්බර් 23 වන දින පැමිණීමට අපේක්ෂිතය. එදින පැවැත්වෙන ප්‍රධාන පුණ්‍යානුමෝදනා වැඩසටහනට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

     

    මේ අවස්ථාවට සහභාගි වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ, වසර 2500ක ඉතිහාසය හිමි මෙරට පාලනය කළ රාජ්‍ය නායකයන් පින් අනුමෝදන් කිරීමේ වැඩසටහන ඉතා දුර්ලභ අවස්ථාවක් වන බවයි. කෘෂිකර්මාන්තය වාරි ශිෂ්ටාචාරය ගොඩ නැගීමට දායක වූ රජවරුන්ගේ සිට මේ දක්වා සියලුම නායකයන් සිහිපත් කොට මෙම පුණ්‍යානුමෝදනාව කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. මෙමගින් වර්තමාන තරුණ පරපුරට ආදර්ශයක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේ ය.

    මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීන් පිරිසක් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya