එම කටයුතු නිදහසේ කිරීමට පොලිස් කොමිසමක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේ, අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැණුම් දීමේ මාධ්‍ය හමුවෙ දි මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, යම් චෝදනාවක් කළ පමණින් රාජ්‍ය සේවයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ පිළිබඳ සම්පූර්ණ පර්යේෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
පවත්වාගෙන යන බවත් අදාළ විමර්ශන කටයුතු දැනට කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.