ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    මීට පෙර තොරතුරක් අයිතියක් ලෙස ඉල්ලීමේ හැකියාවක් තිබුණේ නෑ

    සැප්තැම්බර් 21, 2018

    2015 වසරෙන් පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මූලික අයිතිවාසිකමක් ලෙස පත් කොට තිබෙන බවත් රටේ නීතිය අනුව සෑහෙන ප්‍රමාණයක් ලබා දිය හැකි තොරතුරු තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

     

    ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට(සැප්.28) සමගාමීව අද (21) සිට ක්‍රියාත්මක ''තොරතුරු සතිය '' සහ අනෙකුත් වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සකච්ඡාවේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීම් පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

     

    තොරතුරු සතිය අප ගෙන එන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව මහජනතව අතර දැනුවත්භාවය වැඩි කිරීමටයි.සෑම පොදු අධිකාරියක් ම පත් කර තිබෙනවා තම ආයතනයේ තොරතුරු නිලධාරියෙක්. එසේ පත් කර
    නොමැති නම් එම ආයතනයේ ප්‍රධනියා තොරතුරු නිලධාරිය වෙනවා.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඉල්ලුම්පත් ඔහු වෙත යොමු කර තිබෙනවා.තොරතුරු නොලැබුණ හොත් හැකියාව තිබෙනව, ආයතනයේ ''නම් කළ නිලධාරියා'' වෙත යොමු වෙන්න. බොහෝ අවස්ථාවල, දෙවැනි අවස්ථාවේ තොරතුරු ලැබෙනවා.

     

    මීට පෙර තොරතුරු අයිතිය නැති තත්ත්වයක් යටතේ, මේ රටේ තොරතුරක් අයිතියක් ලෙස ඉල්ලීමේ හැකියාවක්  තිබුණේ නෑ. 2015 වසරෙන් පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මූලික
    අයිතිවාසිකමක් ලෙස පත් කොට තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින් කියා තිබෙනවා, තොරතුරු දැනගැනීමේ අයිතිය යථාර්ථයක් කරන්නේ කොහොමද කියලා. ඒ අනුව තොරතුරක් නොදී සිටියොතින්
    අභියාචනය කොට තොරතුර ගන්න පුළුවන්. එසේ තොරතුරු නොමැති නම් හැකියාව තිබෙනවා තොරතුරු කොමිෂමට අභියාචනා කළ හැකියි.

     

    තොරතුරු ලබාදෙන්න නොහැකි යන තත්ත්වය තිබෙනවා නම්, ස්වාධීනව බලනව එසේ ලබා දෙන්නට නොහැකි ඇයි ද? යන තත්ත්වය පිළිබඳව. අපේ රටේ නීතිය අනුව සෑහෙන ප්‍රමාණයක් ලබාදෙන්නට හැකි තොරතුරු
    තිබෙනවා.ඊට අමතරව ප්‍රගාමී හෙළිදරව් කිරීම, අනුව එම තොරතුර වෙබ් අඩවිවල පල කිරීම මඟින් සැමට තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමටයි ක්‍රියා කර තිබෙනවා ''යැයි ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya