ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව අද (21) සිට ක්‍රියාත්මක තොරතුරු සතිය සහ අනෙකුත් වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
පැවැති මාධ්‍ය සකච්ඡාවේ දී අතිරේක ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළාය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීම් පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
තොරතුරු දැනගනීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට, තොරතුරු අයිතිය පිළිබඳ හදරන්න හා ඒ සඳහා පහසුකම් සැලසීමටත් මෙම සම්පත් මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. මෙම වැඩපිළිවෙල වසර 2019 වසර තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මේ සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන USAID ආයත්නය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් රටේ ඕනෑම පුරවැසියෙකුටම තොරතුරු, උපදෙස් හා මඟපෙන්වීම මේ මඟින් ලබාගන්නට හැකියාව ලැබෙන බවද අතිරේක
ලේකම්වරිය පැවසුවාය.