මැයි 11, 2025
tami eng youtube  twitter facebook

    අපේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රබල පනතක්- නීතිඥ ජගත් ලියන ආරච්චි

    සැප්තැම්බර් 21, 2018

    ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉතා ප්‍රබල පනතක් බවත් තොරතුරු පනත භාවිතා කර විශාල මාධ්‍යවේදින් පිරිසක් ගවේෂණාත්මක මාධ්‍ය සඳහා තොරතුරු ලබාගන්නා බවත් තොරුතුර ලබා නොදෙන බව කියා එවැනි ප්‍රචාරයන් මාධ්‍ය මඟින් ලබා නොදෙන ලෙසත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.

    අද (21) සිට ක්‍රියාත්මක තොරතුරු සතිය සහ අනෙකුත් වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සකච්ඡාවේ දී නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා මෙසේ පැවසී ය.

     

    සැම වසරකම සැප්තැම්බර් 28 වන දා තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් දිනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා.වාසනාවකට පළමු වන තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් දිනය සමරන්නට අපිට හැකි වෙනවා. එයට හේතුව වන්නේ,2016 අගොස්තු මාසයේ 04 දා තොරතුරු පනත බලාත්මක වෙනවා.ඒ නිසා අපිට හැකියාවක් ලැබුණා, එක්සත් ජාතීන්ගේ දිනයේ සිට ම තොරතුර ජනතාවට ලබා ගන්න.

     

    ඒ අනුව 2016 වසරේ සැප්තැම්බර් 28 වන දින පළමු ජාත්‍යන්තර තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් දිනය සැමරිමට අපිට හැකි වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමඟ ඉන් අනතුරුව ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට අපිට හැකි වුණා.

     

    2017 දි මෙය සැමරුවේ වසරක අත්දැකිම් සමඟින්.එය ඉතාම සාර්ථක වුණා. තොරතුරු ලබා ගෙන ඒ තුළින් සාර්ථක වු අය, මෙන් ම රාජ්‍ය අංශය ඒ පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග,මතු වූ දුෂ්කරතාවයන් ගැන සාකච්ඡා කළා.

     

    මෙවර ජාත්‍යන්තර තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් දිනය සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.එය විශේෂ කාර්යයක්.මෙයට කැබිනට් අනුමැතියක් ද ලැබිලා තිබෙනවා.මිට කලින් එවැනි අවස්ථාවක් අපිට ලැබිලා නෑ. මිට අමතරව සිවිල් සංවිධානත් මෙයට සමගාමිව ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා.

     

    අපේ රටේ තිබෙන තොරතුරු පනත තමයි ලෝකයේ 3 වැනි ස්ථානයට වර්ගිකරණය වෙලා තිබෙනවා.ඊට අමතරව ආසියාවේ පළමු තැනට මෙම පත්වි තිබෙනවා.මෙය ඉතා ප්‍රබල පනතක්.තොරතුරු ලබා ගන්නට නොහැකි විමට හේතු කීපයක් තිබෙනවා.එකක් තමයි තොරතුරු ලබා ගැනිමේ අයදුම්පත නිසි ආකාරයෙන් පුරවා නොතිබිම,අදාළ තැනින් නෙමෙයි තොරතුරු ඉල්ලා තිබෙන්නේ,තොරතුරු නිලධාරියාගේ දෝෂත් ඇතිවිය හැක.එවිට ගතයුතු
    පියවර එනම්, දින 14 කින් නැතිවුනොත් දින 21 කින් ප්‍රතිචාරයක් නොගනීනම් එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති නම් මාස දෙදකක් ඇතුළත තොරතුරු දැන ගැනිමේ කොමිසන් සභාවට පැමිණිළි කළ හැකියි.ඉන් නොනැවති එයටත් තෘප්තිමත් නැත්නම් අභියාචනාධිකරණයට හා  ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය.

    සැප්තැම්බර් 19 වනි දින දවස වන විට අභියාචනා 976 ක් තොරතුරු කොමිසමට ලැබි ඇතැයි පැවසු නීතිඥ ජයගත් ලියන ආරච්චි මහතා, ඉන් බොහෝමයක් විසදා ඇති බව ද පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya