එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇත. ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබද සමුළුව ලබන 26 වන දා ද, බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සමුළුව ලබන 27 ද පැවැත්වීමට නියමිතය.
ලෝකයේ එක් එක් රටවල් ක්ෂය රෝගය සහ බෝනොවන රෝග පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.
මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 දායි.
දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සදහන් කොන්දේසි 06 ඉටු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට සියලු පියවර ගෙන ඇත.
එම කොන්දේසි වලින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලුම කොන්දේසි ඉටු කර ඇති අතර, ඒ පිළිබදව ජගත් ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී බලාපොරොත්තු වෙයි. සිගරට් පැකට් තුල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිම, දුම්වැටි දැන්වීම් තහනම් කිරිම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, ගොඩනැගිලිවල දුම්බොන කලාප සැකසීම, දුම්කොළ වගාව වෙනුවට වෙනත් බෝග වගා ගොවීන්ට හදුන්වා දීම එම කරුණු අතර වේ.
ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්වැටි පැකට්ටුව ප්ලෙන් පැකේජින් ක්‍රමයට වෙළෙද පොලට හදුන්වා දීම සදහා වූ නීති රීති ද ගෙනඒමට නියමිතය. දුම්කොල පාලනය කිරිම සදහා වූ ප්‍රඥප්තියට අනුව කොන්දේසි වලින් සියයට 90 ක් පමණ නීතිගත කර ඇති අග්නිදිග ආසියානු රටවල එකම රට ශ්‍රී ලංකාව වෙයි.
නීති විරෝධී සිගරට් ආනයනය තහනම් කිරීමේ ප්‍රඥප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. අග්නිදිග ආසියානු රටවලින් එම ප්‍රඥප්තියට අත්සන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක් වෙයි