ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ කමිටුවක්

    සැප්තැම්බර් 21, 2018

    නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය එක්ව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද“ බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම” පිළිබඳ වැඩමුළුවක් නාගරික සංවර්ධන, ජල සම්පාදනහා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගිය ( 19 ) පැවැත්වුණි.

     

    පානීය ජල නිෂ්පාදනයට අවශ්‍ය ජල මූලාශ්‍රයන් තෝරා ගැනීම මෙන්ම ජල සම්පත් කළමනාකරණයේ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව ජල සම්පත් කළමනාකරණය කිරීමේ කටයුතුවල නිරත වී ඇති රාජ්‍ය ආයතනයන්වන මහවැලි අධිකාරිය ,වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අතර අවබෝධතා දියුණු කර ගැනීමේ අරමු‍ණෙන් මෙම වැඩමුළුව පැවැත්වුණේය.

     

    මෙම වැඩමුළුවෙ දී ජල සම්පත් සැලසුම්කරණය හා සම්බන්ධිකරණයෙහි අවශ්‍යතාව,ජල සම්පත් කළමනාකරණයේ ඉතිහාසය,ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය,ජල සම්පත් කළමනාකරණය හා බෙදාහැරීම,ශ්‍රී ලංකාවේ ජල සම්පත් කළමනාකරණය යන මාතෘකාවලින් කරුණු සාකච්ඡා කළ අතර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී.හපුආරච්චි,මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක,වාරි මාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණයේ ලේකම් සිසිර කුමාර යන මහත්වරු දේශනා පැවැත්වූහ.


    මෙම වැඩමුළුවට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන ඒ.සී.එම්.නෆිල් මහතා ,එල්.මංගලිකා මහත්මිය,ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ වැඩ බලන සභාපති එම් .එච්. එම්.සල්මාන් ,සාමාන්‍ය අධිකාරී දීප්ති සුමනසේකර,මහවැලි අධිකාරියෙ අධ්‍යක්ෂ ජෙනරාල් සරත්චන්ද්‍රසිරි විතාන,වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙඅධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්.මෝහන්රාජ් ඇතුළු උසස් නිළධාරීහු මෙම වැඩමුළුවට එක් වූහ.

    වැඩමුළුවේ අවසානයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ සඳහා කටයුතු කිරීමට විශේෂ ක්‍රියාකාරී කමිටුවක් ද පත්කර ගන්නා ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya