ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු අයිතිය දැනුවත් කෙරෙන වීදි නාට්‍ය ප්‍රදර්ශනය අදයි

    සැප්තැම්බර් 21, 2018

    ''තොරතුරු සතිය'' සමගාමීව  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන විශේෂ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් අද (21)පෙරවරුවේ කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ වීමට නියමිතය.

     

    මෙම වීදි නාට්‍ය ප්‍රදර්ශනය සවස 04.00ට කොළඹ දුම්රිය ස්ථානය අසළදී ද පැවැත් වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය යන මැයින් නිෂ්පාදිත කෙටි චිත්‍රපට උළෙල  ” ප.ව 4.30 සිට 7.00 දක්වා කොළඹ තරංගනී සිනමා ශාලාවේදී පැවැත් වේ.

     

    තොරතුරු සතිය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් හෙට (22) දිනයේදී ද ක්‍රියාත්මක කෙරෙන අතර වීදි නාට්‍ය ප්‍රදර්ශනය අනිද්දා(23) දිනයේදී මීගමුව සහ ගම්පහ නගරයේදී පැවැත් වේ.

     

    මෙම සතිය තුළ තොරතුරු දැනගැනීමේ සම්පත් මධ්‍යස්ථානය ගොඩනැගීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම , ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා තොරතුරු පනත සම්බන්ධයෙන් පුහුණුකරුවන් නිර්මාණය කිරීම ආදී කාර්යයන් රැසක් සිදු කිරීමට නියමිතය.

    මුදල් හ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය විසින් වැඩසටහන ක්‍රියාත්මක කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya