ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරීමේ කාලය එළඹිලා - අධ්‍යාපන අමාත්‍ය

    සැප්තැම්බර් 23, 2018

    රිමාණ තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් සිදු කිරීමේ කාලය මේ වනවිට එළඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ සඳහා ඩිජිටල් පන්ති කාමර දෙසීයක් පමණ මේ වසරේ දී ආරම්භ කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ළඟම පාසැල හොඳම පාසැල ව්‍යාපෘතිය යටතේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

    කොළඹ පාසැලක අධ්‍යාපනය ලබා දෙන විට ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ තවත් පාසැල් දහයක පමණ දරුවන්ට එම අවස්ථාවට සහභාගී විය හැකි බවත් ඔවුන්ට ප්‍රශ්න අසමින් වඩාත් ක්‍රියාකාරීව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව එමගින් හිමි වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    වත්මන් රජය අධ්‍යාපනය සඳහා විශාල කැප කිරීමක් සිදු කළ ද ඇතැම් පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගනිමින් ඔවුන්ව දැනුමක් නොමැති වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොදවන බව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම ක්‍රමවේදයන් වෙනස් කළ යුතු බව එහිදී සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, වත්මන් රජය දේශපාලන සම්බන්ධතා මත ගුරුවරුන්, විදුහල්පතිවරුන් හෝ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් බඳවා ගැනීම සිදු කර නොමැති බවද මෙහිදී පෙන්වා දුන්නේය.

    ළඟම පාසැල හොඳම පාසැල ව්‍යාපෘතිය යටතේ දොම්පේ දේවි බාලිකා විද්‍යාලයේ සහ ගම්පහ සංඝරාජ විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සිසු අයිතියට පත්කිරීමේ අවස්ථා දෙකම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිසු අයිතියට පත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya