මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුල කළමණාකරණ නිලධාරීන් 2534 ක් සේවය කළා. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සේවාව ස්ථාපිත කිරීමත් සමග මෙම සේවාවේ සිටීමට කැමැත්ත පළ කළේ 1281 ක් පමණයි. ඉන් පසු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙනත් සේවාවල සිටි සේවකයින්ට විභාගයක් පවත්වා සියයට 30 ක ප්‍රතිශතයක් රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සේවාවට බදවා ගත්තා. එහිදී අද පත්වීම් ලබන ඔබ සියලු දෙනා තේරී පත් වුනා.
විවෘත තරග විභාගයෙන් සියයට 70 ක් තෝරා ගන්නා අතර, එම සංඛ්‍යාව 886 ක් වෙනවා. මෙම රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සේවාව ස්ථාපිත කිරිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විරුද්ධ වුනා. අපේ අමාත්‍යාංශයෙත් සමහරු හොරෙන් විරුද්ධ වුනා. පරිපාලන නිලධාරීන් තිදෙනෙකු සහ අනෙකුත් නිලධාරින් 185 ක් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ එකම විදිහට හිතන අය නිසයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත් ප්‍රමාදයක් ඇති වුනා. මම අද දින නිලධාරින්ට යෝජනා කළා රාජ්‍ය කළමණාකරණ සහකාර සේවාවට අවශ්‍ය සියළුම නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහළ ශ්‍රේණි වලින් සුදුසුකම් මත බදවා ගන්නා ලෙස. එවැනි පහළ ශ්‍රේණි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය සේවාව ලබාදීම පිළිබද අවබෝධයක් ඇති නිසා සේවා කටයුතු සිදු කිරීම ඉතා පහසු වෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුල පහළ ශ්‍රේණි තනතුරු සදහා උපාධිධාරීන් පවා අයදුම්පත් ඉදිරිපත් කරනවා.
එවැනි අයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනත් ආයතනවල හෙද රැකියා ලබාදෙනවා. ඒ ඔවුන් උපාධිධාරීන් නිසා. රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සේවාවට විවෘත තරග විභාගයෙන් බදවා ගන්නා පිරිස ද දෙසැම්බර් මාසය වන විට බදවා ගන්නා ලෙස මම නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා. වෘත්තිය සමිති ඉල්ලා සිටින සෑම ඉල්ලීමක් ම ලබාදීමට මම කටයුතු කරනවා. මගේ අමාත්‍යධූරය විතරයි ඔවුන්ට දෙන්න බැරි. සෞඛ්‍ය කළමණාකරණ සේවාව සෞඛ්‍ය සේවාවේ පරිපාලනයට ඉතාම වැදගත් එම නිලධාරින් කාර්යක්ෂම වුවහොත් සෞඛ්‍ය සේවා කටයුතු ප්‍රමාද වන්නේ නැහැ. ලිපිගොනු මත පමණක් සිර නොවී ජනතාවට අවශ්‍ය සේවාව කඩිනමින් ඉටු කරන මෙන් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.”
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සේවාව යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරී සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී සමරු ඵලකයක් ද පිරිනමන ලදි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම්වරුන් වන සුනිල් ද අල්විස් මහතා, ගීතාමනී කරුණාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්.ඒ.ටි සෙනරත් මහතා, අමාත්‍යාංශ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.