ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව හා යාපහුව මැතිවරණ කොට්ඨාශවල පවුල් දෙදාහකට ඉඩම් ඔප්පු

    සැප්තැම්බර් 24, 2018

    රජයේ ප‍්‍රමුඛ සංවර්ධන වැඩසටහනක් වන ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව හා යාපහුව මැතිවරණ කොට්ඨාශවල ගල්ගමුව,ආණමඩුව, මහව, ගිරිබාව, අඹන්පොල සහ ගල්කිරියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණයවන පරිදි දීර්ඝ කාලයක් රජයේ ඉඩම් වල ජීවත් වූ පවුල් දෙදාහකට ආසන්න ප්‍රමාණයකට ඉඩම් ඔප්පු ලබා දීමේ ජාතික උත්සවය ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  සැප්තැම්බර් 21 දින ගල්ගමුව - පළුකන්දෑව ජනාධිපති විද්‍යාලයීය ක‍්‍රිඩාංගනයේ දී පැවැත්විණ.

    ආගමික සිද්ධස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන,ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔප්පු ලාභි පවුල් කිහිපයක් වෙනුවෙන් ඔප්පු ප්‍රධානයද මෙහිදී ගරු ජනාධිපති තුමා අතින් සිදුවූ අතර අනෙකුත් ඔප්පු ප්‍රධානය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුවිය.

    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න මහතා, වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා, වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර එස් යෝගෙස්වරම් මහතා ඇතුළු පළාත් සහ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් ද ගල්ගමුව ආසනනයේ එජාප ප්‍රධාන සංවිධායක මොහාන් පෙරේරා මහතා , ඉඩම් අමාත්‍යාශයේ ලේකම් ඩබ් එස් කරුණාරත්න මහතා , කුරුණෑගල දිසාපති ගාමිණී ඉලංගරත්න මහතා, ඇතුළු ප්‍රදේශිය ලේකම්වරුන් සහ ග්‍රාම නිළධාරින්, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුලු රාජ්‍ය නිළ්ධාරින් සහ සම්භාවනිය අමුත්තන් රැසක් එක්වූහ,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya