ලෝක බැංකුවේ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්ත උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.
මෙහිදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූවන්ට සම්මාන සහතික පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සම්මාන සහතික පිරිනැමීම සිදු කළ අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
ලෝක බැංකුවෙන් බෝනොවන රෝග පාලනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇති බවත් එහි සේවා කටයුතු ඉදිරි මාස 02 තුල ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් චමිපිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, ලෝක බැංකු නියෝජිතයින් එක් ව සිටියහ.