අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    රෝගීන් 08 කට සැත්කම් සිදු කිරීමට මූල්‍යාධාර ප්‍රදනය කරයි

    සැප්තැම්බර් 26, 2018
    මාධ්‍ය ඔස්සේ රෝගීන් විසින් සැත්කම් සිදු කිරිම සදහා ආධාර ඉල්ලා පළ කරන ලද ප්‍රවෘත්ති පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍යපෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එවැනි රෝගීන් 08 කට සැත්කම් සිදු කිරීමට මූල්‍ය ප්‍රතිපාදනප්‍රදානය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කරන ලදි.
     
    එම රෝගීන් සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සෞඛය අමාත්‍යවරයා තොරතුරු විමසා සැත්කම් සිදු කිරිම සදහා මුදල් සොයා ගැනීමට නොහැකි දිළිදු රෝගීන්08 කට මෙහිදී මුල්‍යාධාර පිරිනමන ලදි.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ මුදල් මගින් මෙම සැත්කම් සදහා මුදල් පිරිනැමූ අතරබෙදා දෙන ලද මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 81 කට අධික වෙයි.
     
    මෙම රෝගීන්ට මෙරට රෝහල්වල දී සහ විදේශීය රෝහල්වල දී සැත්කම් සිදු කිරීමට නියමිතයමෙම රෝගීන් වැලිවේරියකොළඹ 15, වස්කඩුවදෙයියන්දරකුලියාපිටියපොල්පිතිගමවත්තලවලස්මුල්ලහුන්නස්ගිරිය යනප්‍රදේශවල පදිංච්කරුවන් වෙයි.
     
     
    මෙම අවස්ථාවේ දී එම රෝගීන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙසේ පැවැසීය.
     
     
    අපි රුපියල් 10, 20, 50, 100 එකතු කරලා තමයි දරුවන්පවුලේ ඥාතීන්ට වැළදී තිබෙන රෝග සදහා සැත්කම් වලට මුදල් එකතු කළේඑම අවස්ථාවේ දී  ඔබ තුමා දෙවියෙක් වගේ පහළ වෙලා අපට අවශ්‍ය හිඟ මුදල් මෙලෙස ලබාදුන්නාඔබතුමාට බොහෝම පිං සිද්ධ වෙනවා යැයි පැවසූහ.
     
     
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ දුප්පත්කම හේතුවෙන් අසරණ වී සිටින රෝගීන්ට සහන සැළසීමට තමන් අඛණ්ඩව කටයුතු කරන බවයි.
     
    ‍මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය ද එක්ව සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya