අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කළාපය දඹුල්ලේ හා යාපනයේ ස්ථාපිත කෙරේ

    සැප්තැම්බර් 26, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන  කළාපය දඹුල්ල හා යාපනය  ප්‍රදේශ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

     

    කෘසිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ වන අපි වවලයි - අපි කන්නේ  යටතේ කෘෂිකාර්මික වගා කළාප ඒ ඒ ප්‍ර ‍දේශවල වගා කෙරෙන බෝගවර්ග හඳුනාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබා දී වගා කිරීම සඳහා මෙම කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීමේ අරමුණයි.

     

    ඒ අනුව කෘෂිකාර්මික වගා කළාප ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කළාපය වන්නේ අඹ වගා සංවර්ධන  කළාපයයි. මෙම අඹ වගා කළාපයට ඇතුළත් වන්නේ යාපනය හා දඹුල්ල ප්‍රදේශයි.  කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය WB assist Agricultural Modernization Project  යටතේ මෙම අඹ වගා සංවර්ධන කළාපය ස්ථාපිත කෙරෙන අතර ඒ යටතේ ටොම් ඇන්ඩ් ජේ. සී  Tom&JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක්  වගා කෙරේ.

     

    Tom&JC අඹ ප්‍රභේදය දිවයිනේ වියළි හා තෙත් කළාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි අඹ ප්‍රභේදයකි. එමෙන්ම වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොලේ ද ඉහළ ඉල්ලුමක් පවතී. එමනිසා අපනයනය ඉළක්ක කර ගනිමින් මෙම අඹ වගාව සිදු කෙරෙන අතර එමගින් ගොවි ජනතාවට තම ජීවනෝපාය සංවර්ධනය සඳහා අමතර  විශාල ආදායමක් උපයා ගැනීමට ද හැකියාව පවතී.

     

    පළමු අදියර තුළ දඹුල්ලේ වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය 12,500කි.

     

    දඹුල්ල හා යාපනයේ ස්ථාපිත කෙරෙන මෙම අඹ වගා සංවර්ධන කලාපය මෙම මස 28  දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ  සහභාගිත්වයෙන් දඹුල්ලේ දී ආරම්භ කිරීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya