ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    'තොරතුරු අයිතිවාසිකම් පනත පිළිබඳ ජනමාධ්‍යයට අත්වැලක්'' කෘතිය මාධ්‍යවේදීන් වෙත පිරිනැමේ

    සැප්තැම්බර් 26, 2018

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව වෙබ් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද ( 26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    මෙම වැඩමුළුවට සමගාමීව ''තොරතුරු අයිතිවාසිකම් පනත පිළිබඳ ජනමාධ්‍යයට අත්වැලක්'' කෘතිය මාධ්‍යවේදීන් වෙත පිරිනමනු ලැබීය.

     

    තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය. මේ අවස්ථාවට තොරතුරු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනආරච්චි මහතා , අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් යූ.පී.එල්.ඩී. පතිරණ මහත්මිය,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ( සැලසුම් ) ජේ.ඩබ්.එස් කිත්සිරි මහතා ඇතුළු ජනමාධ්‍යවේදීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya