ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ සමස්ත ලංකා පාසල් විවාද තරඟයක්

    සැප්තැම්බර් 28, 2018

    ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා පාසල් විවාද තරඟයේ අවසාන තරඟයේ සිංහල සහ දෙමළ මාධ්‍ය තරඟය ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

     මෙම අවසාන තරඟය සඳහා සබරගමුව පළාත් ශාන්ත මරියා විද්‍යාලයත්, බස්නාහිර පළාත නියෝජනය කරමින් කොළඹ නාලන්දා විද්‍යාලයත් ඉදිරිපත්ව සිටියේ ය.

    විවාදයේ දී තොරතුරු පනත සමාජයේ පොදු භාවිතය කෙතරම් දුරට ඵලදයි ලෙස භාවිතා වන්නේ ද යන්න සිසුන් විවාදයේ දී අඳහස් දක්වමින් පැවසී ය.
    මෙම තරඟාවලිය ස්වාධීන රූපවාහිනිය විසින් සජීවී ලෙස පටිගත කරනු ලැබීය.

     එහිදී සිංහල මාධ්‍ය අංශයෙන් ජයග්‍රහනය කළේ, කොළඹ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමයි.

    දෙමළ මාධ්‍ය විවාද තරඟය සඳහා යාපනය හින්දු විද්‍යලය සහ ගිරිඋල්ල කැකුණගොල්ල විද්‍යාලය තරඟ වැදිණි. ඒ අනුව මෙම තරඟයෙන් යාපනය හින්දු විද්‍යලය ජයහිමිකර ගත්තේ ය.

    මෙම තරඟයේ විනිසුරු මඬුල්ල ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය, රජ්යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා සහභාගී වී සිටියේ ය.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන සංවිධානය කර තිබේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya