ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක් එම දින හතරේ දී පැවැත්වීමට නියමිතය. සිකුරාදා (28) චාවකච්චේරි ඩ්‍රිබර්ග් විද්‍යාලයේ දී ද සෙනසුරාදා (29) චංකානයි වට්ටු හින්දු විද්‍යාලයේ දී ද, ඉරිදා (30) කයිට්ස් හි ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දී ද සඳුදා (01) කරෙයිනගර් හින්දු විද්‍යාලයේ දී ද නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙයි.
නිල මෙහෙවර ජනපති ජනතා සේවය යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමත් සමඟ ක්ෂේත්‍ර නිලධාරීන් ගෙයින් ගෙට ගොස් මෙතෙක් නොවිසඳුණු ගැටලු පිළිබඳ සොයා බැලීමේ දී චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නොවිසඳුණු ගැටලු 25,613ක් හඳුනාගෙන තිබිණි. චංකානයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳුනාගත් නොවිසඳුණු ගැටලු සංඛ්‍යාව 14,216කි. කයිට්ස් හි මෙතෙක් නොවිසදුණු ගැටලු 3,449ක් හඳුනාගෙන තිබූ අතර කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳුනාගත් නොවිසඳුණු ගැටලු සංඛ්‍යාව 3,367කි. ඒ අනුව මෙම දින හතරේ දී මෙතෙක් හඳුනාගත් නොවිසඳුණු ගැටලු 33,545ක් විසඳීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.