කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, මෙම කලාපය තුළ වගා කරන අඹ පැළ සංඛ්‍යාව 15,000කි. ඊට අමතරව එම ප්‍රදේශයේ කෘෂි මාර්ග සංවර්ධනය , අඹ වගාව සඳහා අවශ්‍ය වන උපාංග සහ පුහුණුව ද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ යන මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අඹ වගා සංවර්ධන කලාපයෙන් ස්ථාපිත කරන ලද අතර , මෙහි දෙවන අදියර වශයෙන් යාපනය ප්‍රදේශයේ ද අඹ වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම විශේෂිත අඹ වගා සංවර්ධන කලාපය තුළ රෝපණය කෙරෙන්නේ TOM NJC නමැති අඹ ප්‍රභේදයයි.
එම අඹ ප්‍රභේදය අපේ රටේ වියළි හා තෙත් කලාපයේ හොඳින් වගා කළ හැකි අතර, වසර පුරාම ඵලදාව ලබා දෙන අඹ විශේෂයකි. හුබස්ගමුව ප්‍රදේශයේ අක්කර 200ක් මේ සඳහා තෝරා ගෙන ඇති අතර, වගා කරන ගොවීන් සංඛ්‍යාව 100කි. පුද්ගලික ආයතනයක් වන නෙල්නා සමාගම විසින් මෙහි වගා කෙරෙන රු.බිලියන 02ක වටිනාකමකින් යුත් අඹ මිලදී ගැනීමට ගොවීන් හා ගිවිසුමකට එළඹීමට තීරණය කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අපනයනය ඉලක්ක කර ගනිමින් මෙම වගාවන් ව්‍යාප්ත කරන බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුනාගෙන ඇති ගොවීන්ට බලපාන ප්‍රධාන ගැටළු 03ක් තිබේ. ඉන් පළමුවැන්න ගොවි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබාදීමයි. දෙවැන්න පසු අස්වනු නාස්තිය අවම කිරීමයි. තුන්වැන්න සතුන්ගෙන් සිදුවන වගා හානි අවම කර ගැනීමයි. එම නිසා මෙම කරුණු සාර්ථක කර ගැනීම සඳහා විසුඳුම් ලබා දීම පහසු කාර්යයක් නොවුණත් එම අභියෝගය අනිවාර්යයෙන්ම භාර ගන්නා බවත්, මෙරට ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.