ආගමික වතාවත්වලින් අනතුරුව මුල්ගල තැබීමේ උත්සවය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම වැඩසටහනට සමගාමීව වවුනියාව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.
මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.
''වවුනියාව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් අද මුල්ගල තබා ආරම්භ කළා. මෙයින් බලාපොරොත්තු වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ සිටින සිංහල,දෙමළ, මුස්ලිම් සියලු මාධ්‍යවේදීන්ට නිවාස අයිතියක් ලබාදීම සඳහා කටයුතු කිරීමයි.මේ දිස්ත්‍රික්කය රටේ සංහිදියාව පෙන්වන තැනක්. එවැනි දැනක දෙමළ ජාතීන් සිටින ගම්මානයක,මෙවැනි ගම්මානයක් ආරම්භ කිරීම වැදගත් ආරම්භයක්.මාධ්‍යවේදීන් කියන්නේ මේ රටේ රජයෙන් වැටුප් නොලබා ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙලා,ඉතා වැදගත් කාර්යයක් කරන කොටසක්. ඒ අයගේ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවී සිටිනවා. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශාල වැඩකටසක් කරනවා. අප පෙරළා මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ, හැකිතරම් සත්‍ය වාර්තා කරන ලෙසයි. රජය විවේචනය කරද්දි ,රජයටත් කියන්න දෙයක් තිබෙනවා.එයත් අහන්න.''
මාධ්‍ය වැඩමුළුවට මෙන් ම ආදර්ශ ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට ප්‍රදේශයේ රජයේ නිලධාරීහු, වන්නි ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේ ය.