මෙලෙස එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇත්තේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වැඩිදුර අධ්‍යාපනය හදාරන ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවායි.
මේ පිළිබද දැනුවත් වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත කැදවා ප්‍රවාහන අමාත්‍යාංශයේත්, දුම්රිය දෙපාර්තමේන්තුවේත් ගෞරවය පුදකිරීමටත් අදාල සිදුවීම පිළිබද ප්‍රශංසාව පුදකරමින් ඇගයීමේ ලිපියක් ලබාදීමටත් අමාත්‍යවරයා කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ, පරීක්ෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම මැතිතුමා ද දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් ද සහභාගි විය.