මේ අවස්ථාවට මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සහ ප්‍රවෘත්ති කර්තෘ වරුන් සහභාගී වී සිටි අතර මාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පවතින අඳහස් යෝජනා විවෘතව සාකච්ඡා කළ අතර, මෙම සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්නේ මාධ්‍ය ආයතන වෙතින් කරනු ලබන ඉල්ලීමට අනුවය. වසරකට පමණක් වලංගු වන ලෙස නිකුත් කරනු ලබන හැඳුනුම්පත 2019/20 වසර සඳහා නිකුත් කිරීමේ වැඩකටයුතු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2018 ඔක්තෝබර් 01 දා ආරම්භ කළේ ය. මෙම කරුණට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙරාතුව, නිකුත් කරන ක්‍රමවේදය ගැන ප්‍රවිචාරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම මේ අනුව සිදු විය.
මේ සම්බන්ධයෙන් ලිඛිතවද අදහස් ලබා දීමට හැකියාව පවතී. එම අදහස් සහ යෝජනා 2018 ඔක්තෝබර් 14 දිනට පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, 163, කිරුලපන ඇවනියු, කොළඹ 05 යන ලිපිනයට එවිය හැකිය. එසේ නොමැති නම් ඩ්ග්@ඩ්ගි.ගොව්.ල්ක් විද්යුත් ලිපිනය ඔස්සේ යෝජනා සහ අඳහස් යොමු කළ හැකිය.