ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    'දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න' - ලෝක ළමා දිනය අදයි

    ඔක්තෝබර් 01, 2018

    ලෝක ළමා දිනය අදට යෙදී තිබේ.

    ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු යොද ඇත.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු
    සැලසුම් කොට ඇත.

    'දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න' තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන
    කරයි.

    මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත්
    කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී පැවැත්වේ.

    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවත්වයි.

    ජතික දින උත්සවයට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු,විදෙස් තානාපතිවරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීහු ඇතුළු දරු දැරියෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    ලෝක ළමා දින ජාතික උත්සවයට සමඟාමීව දිස්ත්‍රික් හා ප්‍රාදේශීයව වැඩසටහන්රැසක් පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ගැටලුවලට හා අවදානමට ලක් වූ දරුවන් 1000ක් සඳහා දිස්ත්‍රික් 22ක වැඩසටහන් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු යොදා ඇත. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් දරුවන් 3දෙනකු බැගින් මේ
    සඳහා තෝරා ගෙන තිබේ.

    එහිදී රුපියල් 2000ක් වටිනා අධ්‍යාපන උපකරණ, රුපියල් 1000ක ඉතිරි කිරීමේ ගිණුමක්, අභ්‍යාස පොත් 6ක කට්ටලයක්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ශබ්ද කෝෂයක්, සිංහල ළමුන්ට දෙමළ භාෂා හා දෙමළ ළමුන්ට සිංහල භාෂා පොත බැගින් වූ අධ්‍යාපන ආධාර කට්ටලයක් ලබාදීම සිදු කෙරේ.

    පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින්, ළමා සමාජ එකතු කර නිර්මාණාත්මක වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 තුළම පැවැත්වීට ද කටයුතු සැලසුම් කර තිබේ. මේ සඳහා එක් වැඩසටහනකට රුපියල් 5000 බැගින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya