ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    මධ්‍යම පළාත සංවර්ධනය කරා ගෙන යන විට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඉතා සහයෝගයෙන් කටයුතු කළා

    ඔක්තෝබර් 03, 2018

    ගෙවුනු වසර පහක කාලය තුළ මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඉතා සහයෝගයෙන් කටයුතු කළ බවත් අනවශ්‍ය අර්බුද ඇති නොවූ බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    එය අනෙකුත් පළාත් සභා වලටද ආදර්ශයක් බව ද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (2) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය. අද පැවති රැස්වීමේ විශේෂත්වය වූයේ හයවැනි මධ්‍යම පළාත් සභාවේ අවසාන මහා සභා රැස්වීම ලෙස මෙය හැදින්විය හැකි වූ නිසාය. මධ්‍යම පළාත් සභාවේ කාලය ඔක්තෝබර් 08 වැනි දින මධ්‍යම රාත්‍රි 12 පසු අවසන් වීමට නියමිතය.

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා ඉකුත් වසර පහක කාලය තුළ මධ්‍යම පළාත් සභාව මගින් පළාතේ සංවර්ධනයට විශාල සේවයක් සිදු කළ බවත්, එහිදී සෑම පළාත් අමාත්‍යංශයක්ම කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ බවත්පෙන්වා දෙන ලදී. එම සංවර්ධන කටයුතු වලට අමතරව, පළාතේ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණීන් 2012 වසරේ සිට මේ දක්වා ගුරු පත්වීම් 5000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් මාර්ග පද්ධතියේ කිලෝමීටර් 700 කට වැඩි ප්‍රමාණයක් පළාත් මාර්ග අධිකාරිය මගින් ඉදි කොට ඇති බවත් පෙන්වා දෙන ලදී.

    පළාත් සභාවක් ලෙස මධ්‍යම පළාත සංවර්ධනය කරා ගෙන යන විට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නොමද සහයක්ලැබුනු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මධ්‍යම පළාතේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සදහා රේඛීය අමාතංශය ද පසුගිය කාලය තුළ ගරුපත්වීම් 8000 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවද පෙන්වා දෙන ලදී.මහ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයන්ගෙන් ලැබුනු අනුශාසනාද ඉතා වැදගත් වූ බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාවේ සෑම තරාතිරමකම නිලධාරීන්ටද තම ස්තූතිය පළ කරන ලදී.

    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වීම පැවැත්විනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya