ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට

    ඔක්තෝබර් 05, 2018

    උදාගම්මාන වැඩසටහන යටතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නඟෙනහිර ඉදි වූ බණ්ඩාරවන්නියන් ආදර්ශ ගම්මානය සහ කෛලායවන්නියන් ආදර්ශ ගම්මානය හෙට (5) දින ජනතා අයිතියට පත් කෙරේ.

     

    නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වෙයි.

    132 සහ 133 වැනි ආදර්ශ ගම්මාන වන මෙහි නව නිවාස 55කින් සමන්විත අතර ජලය හා විදුලිය පහසුකම් සහිත ව අභ්‍යන්තර මාර්ග පහසුකම් හා ප‍්‍රවේශ මාර්ගවලින් සමන්විතය. බණ්ඩාරවන්නියන් ආදර්ශ ගම්මානයේ පවුල් 30ට නිවාස හිමිකම් ලබාදෙන අතර කෛලායවන්නියන් ආදර්ශ ගම්මානයේ පවුල් 25ට නිවාස හිමිකම් ලබා දෙයි.

    වටිනාකම රුපියල් ලක්ෂ 440 ක සංවර්ධිත බිම් කොටස් 55ක හිමිකම ලබා දීමත්, ප‍්‍රතිලාභීන් 50ක් සඳහා වටිනාකම රුපියල් ලක්ෂ 250 ක නිවාස ආධාර චෙක්පත් ප‍්‍රදානය හා ප‍්‍රතිලාභීන් 300ක් සඳහා වටිනාකම රුපියල් ලක්ෂ 300 ක නිවාස ණය ප‍්‍රදානයත්, ප‍්‍රතිලාභීන් සඳහා ආර්.ඩී.බී.බැංකුව මඟින්ස්වයං රැකියා ණය ප‍්‍රදානයත්, දෘෂ්ඨි ආබාධ සහිත වූවන් සඳහා ඇස් කණ්ණාඩි ප‍්‍රදානයත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya