ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ආර්ථික දර්ශක මේ වනවිට හොඳ තත්ත්වයකට පත් වී තිබෙනවා- අමාත්‍ය රාජිත සේනාරත්න

    ඔක්තෝබර් 05, 2018

    ආර්ථික දර්ශක මේ වනවිට හොඳ තත්ත්වයකට පත් වී තිබෙන බවත් පසුගිය කාලයට වඩා තවමත් ඉන්ධන මිල සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගිය රජය සමයේ මැතිවරණ ගුන්ඩුවක් සඳහා පෙට්ට්‍රල් මිල රුපියල් 150ක් කළ බවත් එම මිලටත් වඩා අද  වනවිට අඩු මිලක් පෙට්ට්‍රල් සඳහා පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරය මේ බව සඳහන් කළේ ය.

    බෙහෙත් මිල,තෙල් මිල ඇතුළු බොහෝ දේ සඳහා මිල අඩු බව පෙන්වා දුන් අමාත්‍යවරයා,තෙල් මිල ලංකාවේ වැඩිවීමක් පමණක් නොව ලෝකයේ තෙල් මිල වැඩි වෙනවා යැයි ද පැවසීය. මෙවර අයවැයෙන් සහන ලබාදෙන බව කී අමාත්‍යවරයා,මේ වනවිට විදේශ සංචිතය බිලියන නවයක් පවතින බවත් ආර්ථික දර්ශක මේ වනවිට හොඳ තත්ත්වයකට පත් වී තිබෙන බවත් සඳහන් කළේ ය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, පහුගිය දවස්වල ගත් ක්‍රියාමාර්ග වලට අනුව 2014 රාජ්‍ය ආදායම 11.5% දළ දේශිය නිෂ්පාදනය ,දැන් මෙය වැඩි වෙලා තිබෙනවා. 2019 වන විට එය 15% දක්වා වැඩි කර  ගැනිමට අපි බලාපොරොත්තු වෙනවා. 2017 අවුරුද්දේ ප්‍රාථමික ගිණුමේ පළමු වරට අවුරුදු 63 පස්සේ  අතිරික්තයක් තියෙනවා. 2019 දි අපිට ගෙවන්න තියෙන ණය බිලියන 2057ක් එනවා. දොිශිය ණය වශයෙන්  තියෙනවා,බිලියන 1277ක්.විදේශීය වශයෙන් තියෙනවා 786ක්. පුනරාවර්ධන වියදම ලෙසින් දරනවා, බිලියන 1456ක්. ප්‍රාග්ධන ලෙසින් බිලියන 856ක්,ලක්ෂ 11ක් රාජ්‍ය සේවකයෝ හා විශ්‍රාමිකයෝ ලක්ෂ 06කට  වැටුප් හා විශ්‍රාම වැටුප් මේ වන විට බිලියනයක් දක්වා ඉහළ ගිහින් තියෙනවා.

    සමෘද්ධි,නොමිලේ පාසල් නිළ ඇඳුම්,නොමිලේ බෙහෙත්,වැඩිහිටි දීමනා,පොහොර සහනාධාර,පෝෂණ  මල්ල,වකුගඩු රෝගීන් සඳහා දිමනා,විශේෂ හැකියාවක් නැති අය වෙනුවෙන් ගෙවන දිමනා, සුබ සාධන  වෙනුවෙන් ගෙවන දීමනාවලට බිලියන 220ක්,ග්‍රාම ශක්ති,ගම්පෙරළිය,එක ගමට එක වැඩක්,වැනි ව්‍යාපෘති වලට  වියදම් කරනවා, බිලියන 63ක්,අධිවේගි මාර්ග වලට බිලියන 175ක්,උමාඔය,මොරගහකන්ද, වැනි වාරියෝජනා  ක්‍රම වලට බිලියන 75ක්,නිවාස ව්‍යාපෘතිවලට දැනට බිලියන 05යි 2019 වන විට බිලියන 50ක් වෙන් කිරිමට  බලාපොරොත්තු වෙනවා. රජය මේ සියලු ම සහනාධාර ජනතාව වෙනුවෙන් තවදුරටත් ලබා දිමට කටයුතු කරනවා යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya