උතුරේ පවතින වත්මන් තත්ත්වය සහ ''ආවා ''නැමැති කල්ලිය සම්බන්ධයෙන් පවතින ප්‍රචාර පිළිබඳ පහැදිළි කරමින් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (4) පැවැති මාධ්‍ය හමුවේ දී අමත්‍යවරයා මේ බව පැවසී ය.
මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
පොලීසියේ ප්‍රතිසංවිධානය පිළිබඳව කමිටුවක් පත් කර සාකච්ඡා කරමින් පවතිනවා. මම එම වර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව විද්වතුන් ගෙනැල්ලා, පොලීසියේ අය ගෙනැල්ලා,අදහස් අරගෙන පොලීසිය කොහොමද? ප්‍රතිසංවිධානය කරන්නේ යන්න පිළිබඳව වාර්තාවක් හදලා තිබෙනවා. පොලීසියේ නිලධාරීන්ගේ කටයුතු, නිල මට්ටම්,අවශ්‍යතාවයන්,පොලීසියේ බඳවා ගැනීම්, පොලීසියේ පුහුණු කිරීම්,ආදී සියල්ලම ප්‍රතිසංවිධානය කරනවා.
පොලිස්පතිවරයා සම්බන්ධව එල්ල වී තිබෙන චෝදා සම්බන්ධයෙන් කොමිටුවක් පත් කර තිබෙනවා. එම පරික්ෂා කිරීම් කරගෙන යනවා. දැනටමත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා. ස්වාධීන
අපක්ෂපාති පරීක්ෂණයක් කරනවා. හඬ පට රස පරීක්ෂණයට යවා තිබෙනවා. අපට වාර්තා ලැබෙනවා. පොලීසියේ නිලධාරීන්ගේ විනය බලධාරියා පොලිස් කොමිෂමයි. පොලීසිය අධිකරණයට වාර්තා කරනවා. නීතිපතිවරයාටත්
කරුණු ඉදිරිපත් කරනවා.
උතුරේ තත්ත්වය විශාල යක්ෂයෙක් ලෙස මවලා පෙන්වනවා. සමහරු කතාකරන්නේ එල්ටීටීඊ යළි මතු වෙනවා වගේ. ''ආවා'' නැමැති කල්ලිය පිළිබඳ බොරු යකෙක් මවන්න කටයුතු කරනවා. උතුරු නැඟෙනහිරට හමුදාව යෙදවීමේ අවශ්‍යතාවයක් නෑ. ත්‍රස්තවාදී යුද්ධයක් නෑ. එවැනි මිනී මැරුම් නෑ. පොලීසියට පාලනය කළ හැකි මට්ටමක තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.