ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    තරුණ පරපුරේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම අවශ්‍යයි - ඔන්ලයින් ජීවිත විශාදය වැනි රෝග රැසකට හේතුවක්

    ඔක්තෝබර් 05, 2018

    සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 10 වැනි දිනය ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කර ඇත. මෙවර එම දිනයේ තේමාව වී ඇත්තේ වෙනස්වන ලෝකයක තරුණ පරපුර සහ මානසික සෞඛ්‍යය යන්නයි.

    නව යෞවන වයසේ සහ තරුණයන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව මෙවර විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අද(04) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැත් වුණි. 

    මුළු ලෝකයේම ජනගහණයෙන් සියයට 20ක් පමණ දෙනා යම් යම් මානසික ගැ‍ටළු වලට මුහුණ දුන් අය බව මෙහිදී අදහස් දැක්වූ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවාය. 

    යෞවන වියේදීම පුද්ගලයන්ට ජීවිතය එපා වීම අද විශාල ගැටළුවක් බවට පත් වෙලා. වයස අවු.15-29ත් අතර තරුණයන්ගේ මරණවලට එක් හේතුවක් බවට පත් වී ඇත්තේ සිය දිවි නසා ගැනීම්. බොහෝ රටවල මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තරුණ ප්‍රජාවට හානිකරන ප්‍රධාන හැසිරීම් රටා බවට පත් වී තිබෙනවා.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ, පාසල් දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම අද වන විට ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේ වයස අවු 13-17ත් අතර නව යෞවනයන්ගෙන් 9%ක් සිය දිවි නසා ගැනීමේ සිතිවිල්ලෙන් පසුවන අතර 7%ක් සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවද වෛද්‍යවරිය පැවසුවාය.

     

    ෆේස්බුක්,ටුවිටර් වැනි සමාජ මාධ්‍ය,අන්තර්ජාල හා විද්‍යුත් මාධ්‍ය අවභාවිතය නිසා අද වන විට අන්තර් පුද්ගල සම්බන්ධතා ගිලිහී ඇති බවත් මෙම ඔන්ලයින් ජීවිත විශාදය වැනි රෝග රැසකට හේතුවක් බවත් මේ අවස්ථාවට එක් වූ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය පැවසුවාය.

     

     

     

    කොළඹ පමණක් නොව අද ගම්බද පාසල් වලද ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත් සියළුම පාසල් වල දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් චක්‍රෙල්ඛයක් සකස් වෙමින් පවතින බවත් රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා පැවසීය. අධ්‍යාපන අමාත්‍යංශය සහ පොලීසිය සමග එක්වී මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සමග එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya