ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    2019 අයවැය සඳහා යෝජනා භාර ගැනේ

    ඔක්තෝබර් 05, 2018

    ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී.

    වෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ නියැලි පුද්ගලයන්ට සහ මහජනතාවට මේ සඳහා තව දුරටත් යෝජනා අදහස් ලබා දිය හැකි ය.මෙම යෝජනා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට ඔක්තෝබර් මස 12 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු ය.

     

    අධ්‍යක්ෂ ජනරාල්,
    වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
    මහ ලේකම් කාර්යාලය, කොළඹ - 01


    විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya