ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    සාගර පද්ධතියේ ස්ථාවරත්වය හා එහි අනාගතයට බලපාන සාමය ස්ථාවර කිරිම අරමුණයි

    ඔක්තෝබර් 06, 2018

    සගරය කේන්ද්‍ර වූ අර්ථිකය සුවිශාල බවත් ශ්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙන බවත් සාගර පද්ධතියේ ස්ථාවරත්වය හා එහි අනාගතයට බලපාන සාමය ස්ථාවර කිරිම ''ඉන්දීයානු සාගරය-''අපගේ අනාගතය නිර්වචනය කිරිම''සමුළුවේ අරමුණ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.

    ලේකම්වරයා මේ බව අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේ,ඉන්දීයානු සාගරය-''අපගේ අනාගතය නිර්වචනය කිරිම''සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.

    මෙහිදී අඳහස් දක්වූ ප්‍රසාද් කාරියවසම් මහතා; ඉන්දියන් සාගරයේ වටා ඇති රටවල් සමඟ සාකච්ඡා කර එක්තරා එකඟතාවයකට, පද්ධතියකට එන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙම සාගර පද්ධතියේ ස්ථාවරත්වය හා එහි අනාගතයට බලපාන සාමය ස්ථාවර කිරිම අරමුණක්. සමහර සාගර කලාපවල සාමය බිඳී තිබෙනවා. අපේ සාගර කලාපය තුළ එහෙම දෙයක් ඇති නොවන්න අපි කල්තියාම සූදානම් වෙනවා. එය ප්‍රධාන පරමාර්ථයයි. මෙම විද්වත් සමුළුව අවසන් වෙලා, මෙහි ඉදිරි පියවරක් ලෙස අප රාජ්‍යතාන්ත්‍රික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරනවා. අවසානයේ කිසියම් ලියැවිල්ලක් අපට තිබෙනවා.

    සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව ඒ වගේම ආර්ථික සබඳතාවයන් ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අරමුණයි. ඉන්දීය සගර මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටීම නිසා ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථා උදා වෙනවා. සාගරය කේන්ද්‍ර වූ ආර්ථිකය සුවිශාලයි. ශ්‍රී ලංකවට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා, ගොඩබිම සම්පත් හා සාගර සම්පත් මනා කළමනාකාරීත්වයකින් භාවිතා කොට
    ප්‍රතිලාභ ලබාගැනීමට. මෙම සමුළුව රජය පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානත් සම්බන්ධ වන පුළුල් ලෙස පැතිරුණු එකක්. මෙම සාකච්ඡව තුළින් ඉන්දියානු සාගරය අනාගතයේ සාමය සහිත සාගරයක් බවට ප්‍රවර්ධනය
    කිරීමට හැකිවෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාගර සම්පත් මත පදනම් වෙනවා. ශ්‍රී ලංකාවේ ටූනා මසුන් යුරෝපයේ බොහොම ජනප්‍රියයි. ඉදිරියේ දී අපට තව බොහෝ දේ කළ හැකියි යැයි ද ලේකම්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya