ආනයනය කරන ඇතැම් ආයුර්වේද ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිලි මත සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා රේගුව සමග සාකච්ඡා කර ප්‍රමිතිය පරීක්ෂා කළ යුතු අතර, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කරන ආයුර්වේද ඖෂධ බෙදාහැරීමට ඉඩ ලබා නොදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
ආයුර්වේද නිෂ්පාදනයක් වන අරිෂ්ට වල ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් අරිෂ්ට වර්ග වල ඇල්කොහොල් ප්‍රතිශතය ද පරීක්ෂාවට ලක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි අරිෂ්ට නිෂ්පාදනවලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය. ඒ සදහා නව නීති රීති රෙගුලාසි ඇතුලත් පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.