ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    2018 වසර නිමවීමට පෙර මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට

    ඔක්තෝබර් 09, 2018

    ඉදිකෙරමින් පවතින මාතර කතරගම දුම්රිය මාර්ගයේ ප්‍රථම අදියර වන කි.මි. 26 දුර මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු වලින් 95%ක් මේ වන විට අවසන් කර ඇති බවත් එම මාර්ගයේ දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කල හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඉදිකිරිම් අවසන් කර ඇති දුම්රිය මාර්ගය  (06) දිනයේදි  නිරික්ෂණය චාරිකාවක යෙදුනු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ඉංග්‍රීසි ජාතිකයන් විසින් දායාද කර දුන් දුම්රිය මාර්ග හැරෙන්නට මෙතෙක් ලංකාවේ දුම්රිය මාර්ග ඉදි නොවු බවයි, එම නිසා මෙම මාතර -බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිම දුම්රිය ඉතිහාසයට නව පරිච්ඡේදයක් ආරම්භ වු බවයි.

     

    මෙම ඉදි කිරිම් කටයුතුවල දි විවිධ ගැටළු හා අභියෝගවලට මුහුණ දීමට සිදුවු බව ද තෙත් බිම් හා ගංගා හරහා මෙම මාර්ගය ඉදිකිරිමට සිදු වු බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට ප්‍රමාද වු බව ද පැවසීය.

     

    තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා -

    මෙම දුම්රිය ස්ථාන දිහා බැලුවම පේනවා කොළඹ කොටුව,මරදාන වගේ දුම්රිය ස්ථානවලටත් වඩා මෙම දුම්රිය ස්ථාන විශාල බව. ඇතැමෙකුට මෙය නාස්තියක් ලෙස පෙනුනත් අවු.20ක විතර දීර්ඝ කාලීනව අනාගතයක් දිහා බැලුවම ඒක එසේ නොවෙයි කියලා ඒ අයට පෙනෙවි. මේ ප්‍රදේශයේ ජනතාවට සිදු වු හානි අවම කර ගැනීමටත් අතුරු මාර්ග සැකසීමටත් අපි කටයුතු කලා.තවමත් සංඥා සවි කිරිම වැනි කටයුතු සිදු කිරිමට අපට නොහැකි වී තිබෙනවා. එම කටයුතුත් අවසන් කරලා, ස්වභාවික අපදාවක් හෝ සුවිශේෂි අභියෝගයක් නොතිබුණොත් දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම අපේ රජයේ බලාපොරොත්තුව මෙම දුම්රිය මාර්ගය තුලින් ජනතාවට වඩාත් සේවයක් ලබා දීලා ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දීමට. ඒ සදහා කතරගම දක්වා,මත්තල ගුවන්තොටුපල දක්වා හම්බන්තොට වරාය දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කළ යුතුයි. දැනට කෙරෙන ශක්‍යතා අධ්‍යනයෙන් පසු එම මාර්ගයේද වැඩ කටයුතු අවසන් කිරිමෙන් පසුව මෙම මාර්ගය සම්පුර්ණ වී ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදීමට පුළුවන් වේවියැයි මා විශ්වාස කරනවා. යැයිද පැවසීය..

    මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර - බෙලිඅත්ත දුම්රිය මඟ මෙලෙස ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මාර්ගයේ දෙවන අදියර ලෙස කිලෝමීටර 48 ක් දුර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාද, තෙවන අදියර ලෙස කි.මී 39 ක් දුරැති හම්බන්තොට සිට කතරගම දක්වාද ඉදිකිරීමට යෝජිතය. පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මඟ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2 කි. චීන එක්සිම් බැංකුව (China Excem Bank) මගින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා දෙනු ලැබේ.

     

    මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදුකෙරේ. මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු භාරවු ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ, චයිනා මැෂිනරි ඉම්පොර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගමයි. (China Macinary Import Export Cooperative) උප කොන්ත්‍රාත්කරු ලෙස, චයිනා රේල්වේ සර්විසස් සමාගම (China Railway Services Company) කටයුතු කරයි.

     

    මෙම දුම්රිය මාර්ග‍යේ කැකණදුර, බඹරුන්ද, වැව්රුකන්නල, බෙලිඅත්ත යන ස්ථාන වල ප්‍රධාන දුම්රිය ස්ථාන 04 ක්ද, පිලදූව, වෙහෙරහේන යන ස්ථාන වල උප දුම්රිය ස්ථාන 04 ක්ද, ස්ථාපිත කොට ඇත. මාතර සහ කැකණදුර අතර කිලෝමීටරයක පමණ ගුවන් පාලමක් ඉදිකර ඇති අතර, ශ්‍රී ලංකාවේ ඉදිවු දිගම දුම්රිය මාර්ග බිමි ගෙය වන, නාකුට්ටිගම බිංගෙය ඇත්තේද මෙම දුම්රිය මාර්ගයේය. එය දිගින් මීටර 615 කි. ඊට අමතරව මීටර් 268 ක දිගින් යුතු බඹරැන්ද උමඟද මෙම මාර්ගයට අයත් වේ. උප දුම්රිය ස්ථාන 02 හැර අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන දුම්රිය වේදිකා 3 කින් සමන්විත වේ. මෙම මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථානය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වන අතර, මෙහි මීටර 110 ක දිගින් යුතු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක්ද, මීටර 250 - මීටර් 300 පමණ දිගකින් යුතු වේදිකා 3 කින්ද සමන්විත වේ.


    මෙම දුම්රිය මාර්ගයේ ඇති විශේෂත්වය වන්නේ, දුම්රිය ස්ථානයේ වේදිකා හරහා මගීන්ට මාරුවීමට ගුවන් පාලම් වෙනුවට උමං මාර්ග ඉදිකිරීමයි. ප්‍රධාන දුම්රිය ස්ථාන 4 හිම ගුවන් පාලම් දක්නට නොමැත.


    මෙසේ ඉදිවන දුම්රිය මාර්ගයේ 10% ක් පමණ ගුවන් පාලම් මගින් ඉදිවී ඇත. කැකණදුර දක්වා කොටසේ එක් ගුවන් පාලමක්ද, බඹරැන්ද සිට වැව්රුකන්නල දක්වා කොටසේ කිලෝමීටර 1.5 ක දිගින් යුතු ගුවන් පාලමක්ද ඉදිකර ඇති අතර, මෙම ගුවන් පාලම ලංකාවේ උසම හා දිගම ගුවන් පාලම බවට පත්වේ.


    එමෙන්ම මෙම මාර්ග නිල්වලා ගඟ හරහා ගමන් කිරීමට සිදුවී ඇති බැවින්, මීටර් 434 කින් යුතු පළමු පාලමක්ද, මීටර් 1037 ක දිගින් යුතු දෙවන පාලමක්ද ඉදිකර ඇත. මෙම මාර්ගයේ හරස් මාර්ග 18 ක්ද, පාලම් 12ක්ද, බෝක්කු 49 ක්ද, උමං මාර්ග 02 ක්ද, යටිබිම් මාර්ග16 ක් හා උඩ බිම් මාර්ග 08 ක් ඉදිවී ඇත. මෙම දුම්රිය මඟ ඉදිකිරීමේදි පවුල් 350 කට අයත් ඉඩම් හෙක්ටයාර 87 ක් පවරාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 903 ක වන්දි මුදලක්ද ලබාදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya