ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ත්‍රිරෝද සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරිමට සාකච්ඡවක්

    ඔක්තෝබර් 08, 2018

    මගී ප්‍රවාහන ත්‍රීරෝද සදහා මීටරය අනිවාර්ය කිරිම සම්බන්ධවත් ත්‍රීරෝද රථ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත නොකිරීම සම්බන්ධවත්,මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ පැදවීම සදහා වලංගු බලපත් ලබගැනීමේ වයස් සීමාව සම්බන්ධව හා මගී ප්‍රවාහන ත්‍රීරෝද කර්මාන්ත කෙරෙයි බලපාන අනෙකුත් ගැටළු නිරාකරණය කිරිම සදහා සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය ඇතුළු ත්‍රීරෝද රථ සංගම් සියල්ලෙහිම නියෝජිතයන් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පසුගිය දා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

     

    මෙහිදි අනාවරණවු තොරතුරු අනුව ප්‍රවහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් රැස්කළ විද්වත් කිමටුවක් මගින් ප්‍රවාහනය සදහා යොදවා ඇති ත්‍රිරෝද සේවාව ගුණාත්මකභාවය වැඩි දියුණු කිරිමට අවම ප්‍රමිතින් ඇතුළත් වාර්තාවක් මේ වන විට සකස්කොට ඇත.


    13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 09වන උප ලේඛණයේ අටවන ඡේදයේ දක්වා ඇති විධි විධානපරිදි ත්‍රිරෝද රථ නියාමනය සෘජුවම පළාත් සභා විෂය පථයට අයත් වන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් සැකසු මෙම ත්‍රීරෝද රථ නියාමන වාර්තාව ක්‍රියාත්මක කිරිම පළාත් මාර්ගස්ථ අධිකාරිය විසින් සිදු කරනු ඇත.


    මෙම සාකච්ඡාවේදි අදහස්දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ. ත්‍රීරෝද රථ සදහා මීටර් සවි කිරිම පිළිබදව රජය මගින් අනිවාර්ය කර ඇති අතර මෙරටට ගෙන්වන ලද මීටර් සම්බන්ධයෙන් තවමත් ප්‍රමිති කාර්යංශය මඟින් ප්‍රමති සහතිකයක් ලබා දී නොමැති බවයි.


    නිසි ප්‍රමිතියකින් තොරව මීටර් සවිකිරීමෙන් රජය බලාපොරොත්තුවන ගුණාත්මක සේවාවක් දීමට නොහැකි නිසා මෙම මීටර් වල තත්වයපිළිබඳව ප්‍රමිති කාර්යංශය සමඟ සාකච්ඡාකොට ක්‍රමවේදයක් සකස්කිරීමෙන් අනතුරුව ත්‍රීරෝද රථ මීටර් සඳහා සහතික නිකුත්කරන තෙක් මෙම නීතිය ක්‍රියාත්මක නොකරන බවට ප්‍රකාශ කළේ ය.


    මෙහිදි පැමිණි සිටි ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් ත්‍රිරෝද නියාමනය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත භාර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර එහිදි අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රවාහන විමධ්‍යගත විෂයක් බවත්, එය ඒ ඒ පළාත් සභාවලින් නියාමනය විය යුතු බවත්ය. 

     

    එහෙත් ඒ සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම හා ඒ සමබන්ධයෙන් සම්බන්ධිකරණය පහසුකම් සැපයිය හැකි බවයි. මේ සදහා අවශ්‍ය කෙටුම්පත් මේ වන විටත් සකස් කොට අවසන් බවඳ පැවසිය.

    මෙහිදි මගි ප්‍රවාහන ත්‍රිරෝද රථ පැදවීම සදහා රියදුරු බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් වන වයස් සීමාව පිළිබදව තමා එම ස්ථාවරයේම සිටින බවත් දැනට ත්‍රි රෝද රථ පදවනන් සදහා එය බල නොපාන බවද , එය ත්‍රිරෝද රථ කර්මාන්තයේ ආරක්ෂාකාරි බවදට හේතුවන බවද පැවසීය .

    මගි ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා වෙනත් වර්ණයකින් සහ ගෘහස්ථ ත්‍රිරෝද රථ සදහා තවත් වර්ණයකින් න් යුතු අංක තහඩු ලබාදිම පි ළිබදව මෙහිදි සාකච්ඡා විය.

     

    මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ යන මහත්වරුන්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya