නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ්හ කීම් මහතාගේ ඉල්ලීම පරිදි ඔලුවිල් වරායට ගොස් ප්‍රදේශ ජනතාව සමඟ කරන ලද සාකාච්ඡචාවේදී මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වරාය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී තිබෙන සියලු ගැටලුවලට ස්ථීර විසදුම් සඳහා, ප්‍රශ්නවලට මැදිහත් වී සිටින ජනතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ අතර එම ප්‍රශ්න විසදීමට ගතයුතු පියවර පිළිබඳවද අමාත්‍ය රවූෆ් හකීම් මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේ ය.
මුහුදු ඛාදනයෙන් වීනාශ වන ඉඩම් ප්‍රතිසංස්කරණය සඳහා මුහුදෙන් වැලි අරගෙන වෙරළ ගොඩකිරීමට හැකි (යන්ත්‍ර සවිකර ඇති) නැවක් මිලදී ගැනීමට ඩෙන්මාර්ක් රජයට අයත් ඩැනීඩා ආයතය ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටින අතර ඒ සදහා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතත් එය ඩෙන්ඩර් ක්‍රමයෙන් ලබා ගැනීමට කල්ගතවන බව පැහැදිළි කළේය.
ඔලුවිල් ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන කාලාන්තරයක් තිස්සේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේ ජීවන උපාය මාර්ගයට බාධාවක් නොවන ආකාරයේ තීරණ ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පෙන්වා දුන් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ,මුහුදු ඛාදන අනතුර උතුරු දෙසට ඒරාවූර් දක්වා සිදුවන බවත් ඔලුවිල් අග්නි දිග විශ්ව විද්‍යාලයට අයත් අක්කර සිය ගණන් මුහුදු ඛාදනයට ලක්වී ඇති බව එම ආයතනයේ උපකුලපති තමන්ට දැනුම් දී ඇති බවත් රවූෆ් හකීම් මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ,අද අප මෙහි පැමිණ සිටින්නේ ප්‍රශ්නවලට විසදුම් සෙවීම පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමට පමණක් නොවේ මෙම වරාය ධීවර වරායක් මෙන්ම
වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ප්‍රදේශයේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට හැකි වන ආකාරයට මෙම වරාය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් බව දන්වා සිටියේය.
වරාය අධිකාරිය සතුකර ගෙන ඇති අල්- ජාඉසා පාසැලේ ක්‍රීඩා පිටිය වහාම මුදා හරින ලෙස නියෝග කළ අමාත්‍ය සමරසිංහ මහතා දැනට පෞද්ගලික අංශයට ලබාදී ඇති අරෆා නගරයේ පිහිටා ඇති වරාය අධිකාරියේ නිවාස යෝජනා ක්‍රමයට වෙන් කරන ලද ඉඩම් නැවත ලබාදීමට නියෝග කරන ලදී.
මෙහිදී ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ටද අදහස් දැක්වීමටද අවස්ථා ලබා දුන්නේය. මෙම මට්ටමේ සාකච්ඡාවට නියෝජ්‍ය ඇමති එච්.එම්.එම්.හාරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එම්.අයි.එම්.මන්සූර් ,ඒ.එල්.එම්.නසීර් සහ එස්.එම්.ඉස්මයිල් වරාය අධිකාරියේ සභිපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් සහ ඉංජිනේරුවරුන් , වරාය අමාත්‍යාංශයේ උසස් නිළධාරින්, ප්‍රදේශ ජනතාවගේ නියොජිතයන්ද සහභාගී වූහ.