ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    ‘තිත්ත සීනි’- පාසල් ළමුන්ගේ සීනි භාවිතය අවම කිරීමට කෙටි චිත්‍රපට තරඟයක්

    ඔක්තෝබර් 10, 2018

    පාසල් ළමුන්ගේ සීනි භාවිතයේ අහිතකර බලපෑම අවම කිරීමට ඒ පිළිබඳව දනුවත් කිරීමට වීඩියෝ කෙටි චිත්‍රපට තරඟයක් සංවිධානය කර ඇත.

    සෙෳඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව පාසල් දරුවන් අතර සීනි භාවිතය අවම කරමින් වීඩියෝ කෙටි චිත්‍රපට තරඟාවලියක් ‘තිත්ත සීනි’ යන මාතෘකාව යටතේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

    සියලු ම පාසල්හි මාධ්‍ය සමාජවලට හෝ ශිෂ්‍ය සමාජවලට තරගය විවෘතවන අතර අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2018.10.15 වේ. අදාළ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් එක් පාසලකින් ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයකි. එය විනාඩි පහකට සීමා වී සීනි භාවිතය අවම කිරීමට උපකාරීවන අයුරින් සැකසී තිබිය යුතු වේ.

    සීනි දිව පිනවන්නක් වුවත් අධික සීනි පරිභොජනය ස්ථූලතාව හා අධික තරබාරු ශරීර ඇති වීමට හේතුවකි. මීට අමතර ව හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, දන්ත ව්‍යසනය හා පිළිකා වැනි විවිධ බෝ නොවන රෝග වැළදීමට ද හේතු වන බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා පුරවැසියන් අතර බෝනොවන රෝග බහුල ව ව්‍යාප්තවන අතර ඉන් සිදුවන මරණ අතුරින් 70% ක් දියවැඩියා රෝගය වැළදීම නිසා සිදු වී ඇත. දියවැඩියාව පිළිබද ව ජනතාව දැනුවත් කිරීම මගින් එය අවම කර ගැනීමට රටේ අනාගත පරපුරේ නිර්මාණශීලී අදහස්වලින් එහි මූලික පියවර තැබීමට හැකි බව සෙෳඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන සෙෳඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (9) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya