අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කහාලෆ් බූ දහයිර් (Khalaf Bu Dhhair) මහතා හමු වී කරන ලද සාකච්ඡාවේදීය.
මේ වන විට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකීය වෙළෙඳ දූත පිරිස කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර, අද (09 දා) එරට ප්‍රධානතම ව්‍යවසායක හා ආයෝජන රාජ්‍ය ආයතනය වන කුවේට් ආයෝජන අධිකාරියේ (KIA – Kuwait Inventers Authority ) ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබීය.
වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වර්ෂ 1994 අප්‍රේල් මස දී ශ්‍රී ලංකා කුවේට් රාජ්‍ය අතර වෙළෙඳාම සම්බන්ධව ගිවිසුමක් අත්සන් තබන ලද අතර, 1997 වර්ෂයේදී ශ්‍රී ලංකා කුවේට් ප්‍රථම ව්‍යාපාරික සැසිය කොළඹදී පැවැත්වුණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
" වසර 21 කට පසුව ශ්‍රී ලංකා - කුවේට් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරික රැස්වීම, කුවේට් රාජ්‍යයේ පැවැත්වීම අප දෙරටේ දිගුකල් පවත්නා සවිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා මුල පිරීමක් වෙනවා. අපේ දූත පිරිස සවිමත් කණ්ඩායමක් ලෙස හැඳින්වීමට පුලුවන්. අපේ කණ්ඩායමට මුදල්, මහනගර හා බස්නාහිර සංවර්ධන, විදේශ කටයුතු, උසස් අධ්‍යාපන, විදේශ රැකියා යන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් සහභාගී වෙනවා. 2016 වන විට කුවේට් රාජ්‍ය, ශ්‍රී ලංකාවේ 49 වැනි ආනයනික හවුල්කරුවා බවටත්, ශ්‍රී ලංකාව කුවේට් රාජ්‍යයේ 82 වන අපනයන හවුල්කරුවා බවටත් පත් වුණා. මෙම දත්ත දෙරට අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳාමක් සඳහා විභවයක් පෙන්නුම් කරනවා. මේ වන විට 2016 දී ශ්‍රී ලංකා - කුවේට් ද්වීපාර්ශවික වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 46.68 ක් වුණා. එය 2017 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 48.56 ක් බවට පතු වුණා. ඒ අනුව වෙළෙඳ ගණුදෙනුවල සියයට 4 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ වර්ෂයේදී අප කුවේට් රාජ්‍යයට සිදු කළ අපනයනයන් අතර සිලෝන් තේ, සැකසූ ආහාර, පළතුරු, ශාක කොටස් සහ ෆයිබර් බෝඩ්, දැව ප්‍රධාන වෙනවා. අප කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන හෙවත් ආනයනය කරන ලද භාණ්ඩ වන්නේ ඛණිජ වර්ග, රසායනික පොහොර, එතිලීන්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා පෙට්රෝලියම් තෙල් ප්‍රමුඛ වෙනවා." යැයි පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකාවේ කුවේට් රාජ්‍යයේ තානාපති කහලාෆ් බූ දහායිර් මහතා මෙසේ පැවසීය.
"ශ්‍රී ලංකා - කුවේට් රාජ්‍යයේ ද්වීපාර්ශවික ව්‍යාපාරික සැසිය දෙරටේ වෙළෙඳ සබඳතා තරකර ගැනීමටක්, ආයෝජන සංවර්ධනය සඳහාත් ඉතා වැදගත් වෙනවා. අපි මේ සැසිය ඉතා හොඳින් සංවිධානය කරනවා. ඒ වගේම අපේ දෙරටේ ඉතා වැදගත් ව්‍යාපාරික අංශයක් වන කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වගේම ලෝකයේ හතරවන විශාලතම ස්වෛරී අරමුදල වන කුවේට් ආයෝජන අධිකාරිය (KIA) මෙම සාකච්ඡා සැසිය සඳහා සහභාගී වෙනවා. එම නිසා මෙම හමුව ශ්‍රී ලංකා - කුවේට් ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට හේතු වේවි." යැයි පැවසීය.