මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook

    නගර සැලසුම් හා සංවර්ධන ව්‍යාපෘති 143ක් ළඟදී ම ජනතා අයිතියට

    ඔක්තෝබර් 18, 2018

    කුඩා නගර සංවර්ධන සඳහා ඉදිකරන ව්‍යාපෘති නියමිත ප්‍රමිතියට සිදු කිරීමටත් ,එමෙන් ම සියලු ම ව්‍යාපෘතින් මෙම වස‍රේ දෙසැම්බර් මස අවසානයට පෙර නිම කිරීමටත් කටයුතු කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකාවේ නොයෙකුත් දිස්ත්‍රික්කවල නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයෙන් ඉදිකරන නගර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් එම අමාත්‍යාංශයේ ලේකම් හපුආරච්චි මහතා මේ පිළිබඳව දැනුවත් කර ඇත.

     නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය රට පුරා කුඩා නගර සහ නගරයන් ආසන්න ජීවත් වන ජනතාවගේ පොදු පහසුකම් සපුරාලීමට සහ ජීවන තත්වය නංවාලීමටත් නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරේ. පාසල්ගොඩනැගිලි.විශ්‍රාම ශාලා,රථගාල,ක්‍රීඩා පිට්ටනි ,ළමා උද්‍යාන ,ව්‍යායාම සඳහා භාවිත කරන ඇවිදින මං තීරූ,සංස්කෘතික මධ්‍යස්ථාන ,කානු පද්ධති,ජල ටැංකි,වෙළඳසංකීර්ණ ගොඩනැගිලි,මහජන පුස්තකාල ගොඩනැගිලි යනා දී ඉදිකිරීම් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 428ක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයෙන් ප්‍රදේශයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මගින් ඉදිවෙමින් පවතින අතර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ඒ සඳහා සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

    අනුරාධපුර,ත්‍රිකුණාමලය,අම්පාර,කුරුණෑගල,ගම්පහ,මඩකලපුව,මහනුවර,මන්නාරම, කළුතර යන දිස්ත්‍රික්කවල 2018 වසරේ ප්‍රතිපාදන මත නිම කළ ව්‍යාපෘති 143ක් දැනටමත් ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya