මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය සම්බන්ධයෙන් දිවයිනේ අමාත්‍යාංශ අතුරින් 04 වන ස්ථානයට පත් සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලද සම්මානය ඇගයීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද පැවති උත්සව අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
වසර 2016 මූල්‍ය වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් ලද සම්මානය ඇගයීමට ලක්කල අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ මූල්‍ය විනය හා විනිවිදභාවය පිළිබඳ සමස්ථ දිවයිනටම හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි ද , රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජිකයකු ලෙසින් තමන් ඉන් මහත් සතුටට පත්වන බවද පැවසීය.
රටේ මූලික ස්ථානය ගන්නා පාර්ලිමේන්තුවද නොදැනුවත්ව විවිධ මූල්‍ය අක්‍රමිකතා දූෂණ සිදුකිරීමට සහය දුන් යුගයක් යහපාලන රජය විසින් නිමා කළ බව පැවසූ අමාත්‍යවරයා විගණන පනත හා කොමිෂන් සභා ඇති කරමින් රටේ යහපාලනය වඩාත් තහවුරු කළ බවද,අමාත්‍යවරයා පැවසීය.