ගම්පෙරලිය මගින් ග්‍රාම සංවර්ධනය සඳහා ලබා දෙන මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට ලබා දුන්නේ නැහැ කියළා පසුගිය දිනවල ජනමාධ්‍ය තුළ පල වී තිබුනා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම ගරු ජනාධිපතිතුමා මට පැවරුවා. නමුත් අපි හැමෝම නියෝජනය කරන ප්‍රදේශවලට ඒ මුදල් ලැබිලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වෙන් කරපු මුළු මුදලම නොලැබුනත් වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. මම ඒ සම්බන්ධයෙන් අදාල අංශ සමග සාකච්ඡා කළා. ඉදිරි සති දෙක තුළ මුලු මුදලම ලබා දෙනවා. ඒ නිසා ගම්පෙරළිය මගින් ලබා දෙන මුදල් ප්‍රතිපාදන අපිට ලබා දී නැහැ කියන කාරණය සම්පුර්ණයෙන්ම අසත්‍යයක්.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා කෘෂිකර්ම අ මාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම මස 29 වන දින පැවැත්වෙන ජාතික වප් මගුල් උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම චෛත්‍යය අසල පිහිටි සඳගිරිගොඩ වෙල්යායේදී පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිත ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මාධ්‍යෙව්දීන් අසල ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
මේ රජය නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරුවන් වන පක්ෂ දෙක අතර ගැටළුවක් නැහැ. මේ රජය 2020 වන තෙක් ඉදිරියට යනවා. පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සබාව රැස්වුනා. එම අවස්ථාවට 15 කණ්ඩායමේ කිහිප දෙනෙකුත් සහභාගි වුනා. ඔවුන් අතරින් කිහිප දෙනෙක්ගේ අත්සනින් යුත් ලිපියක් ඉදිරිපත් කළා මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතුයි කියළා. ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කළේ නැහැ. තවත් සාමාන්‍ය යෝජනා කිහිපයක් ඉදිරිපත් වුනා. ඒ අතරට එම යෝජනාවත් එක් කරන්න සටහන් කර ගත්තා. කොහොම වුනත් මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වන්නේ නැහැ කියන කාරණය අපි පැහැදිලිවම සඳහන් කළ යුතුයි. හැමෝම ආණ්ඩුවට එකතුවෙනවා නම් තමයි හොඳ. ප්‍රශ්නය එක කට්ටියක් එලියේ ඉන්න එක.ඒ අය නැති ප්‍රශ්න හදනවා.
අතිගරු ජනාධිපතිතුමාත්, හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කළාය කියන චෝදනාව සුළුපටු චෝදනාවක් නොවෙයි. ඒක බරපතල කාරණයක්. කළයුතුව තිබුනේ එම චෝදනාව එල්ල වී තිබෙන පොලිස් නිලධාරියා අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පැවැත්වීමයි. දැනු පසුගිය දිනවල ඔහු එම අංශයෙන් ඉවත් කළා. අනිවාර්ය නිවාඩු යැව්වා. දැන් වැඩ තහනම් කර තිබෙනවා. කොහොම වුනත් මෙවැනි චෝදනාවක් එල්ල වුනාම කළ යුත්තේ ඔහුව අත් අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමයි. එමනිසා පොලිසිය කටයුතු කළ ආකාරය ගැන අපිට සෑහීමකට පත්වෙන්නට බැහැ.
අනිත් කාරණය තමයි පොලිස්පතිතුමා සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් විමසන කාරණය. මම හිතන්නේ ඒකට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මාධ්‍ය ආයතනවලට හොඳ හොඳ නැගලා යන ප්‍රවෘත්ති ඉස්සරහට ලැබෙයි. ඒ හින්දා ඒවා මං දැන්මම කියන එක හරි නැහැ කියළයි මට හිතෙන්නේ.. යැයිද අමාත්‍යවරයා පවසයි.