මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාධ්‍ය හමුවට එක්වෙමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, එන්ටර්ප්රයිස් සංකල්පය ඉදිරිපත් කරලා, මාස කීපයකට පෙර ණය යෝජනා ක්‍රමය ආරම්භ කළා. මේ වනවිට ඉතාමත්ම හොඳ ප්‍රගතියක් ඒ තුළින් දකින්නට ලැබෙනවා. පසුගිය මාස තුන තුළදී එන්ටප්‍රයිස් ස්‍රී ලංකා වැඩසටහන මඟින් ණය 29389ක් ලබා දී තිබෙනවා. රුපියල් බිලියන 58817.5ක ණය මුදල් ජනතාව අතර ලබාදී තිබෙනවා.මෙම ණය යෝජනා ක්‍රමය දිවයිනපුරා ජනප්‍රිය වී තිබෙන බව ද අමත්‍යවරයා පැවසී ය.