ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ ලුම්බිණියේ දී ප්‍රථමවරට ත්‍රිපිටකය සජ්ඡායනය කරති

    ඔක්තෝබර් 24, 2018

    නේපාලයේ පූජණීය ලුම්බිණියේ දී ප්‍රථමවරට බුදු රජාණන්වහන්සේ වදාළ ත්‍රිපිටකය සජ්ඡායනා කිරීමේ මහා පුන්‍යෝත්සවය නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා ලුම්බිණියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි සමස්ත නේපාල භික්ෂු සම්මේලනයේ සභාපති, කත්මණ්ඩු ආනන්ද කුටි විහාරයේ විහාරස්ථානාධිපති අතිපූජ්‍ය මෛත්‍රී හිමිපාණන් වහන්සේ රජයේ නිලපුවත් වෙබ් අඩවියට අද (24) ප්‍රකාශ කළහ.

    ත්‍රිපිටක සජ්ඡායනය බුද්ධගයාවේ ද  සජ්ඡායනා කෙරෙන බවත් මින්පෙර නේපාලයේ එය සිදු නොවනු බවත් මෙම අවස්ථාව බෞද්ධයන් ලෙස අත්දැකීම් ලබන ඓතිහාසික අවස්ථාවක් බවද මෛත්‍රී හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

    මෙම අවස්ථාව සඳහා රටවල් 18ක් නියෝජනය කරමින් බෞද්ධ ස්වාමින්වහන්සේ 500 නමක් සහභාගී වීමට නියමිත බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya