“දරුවන් සුරකිමු වැඩිහිටියන් නමදිමු” යන තේමාව යටතේ රාජිත සේනාරත්න පදනම සංවිධානය කරන විශ්ව ළමා දිනය සහ වැඩිහිටි දින සැමරුම් උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 27 සෙනසුරාදා අද පෙරවරු 10.30 ට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 300 කට පාසල් උපකරණ පිරිනැමීම සහ උපහාර තිළිණ පිරිනැමීම ද කළුතර දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් 100 කට උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී සිදු කෙරේ.
සෑම වසරකම මෙම ළමා දින උත්සවය සහ වැඩිහිටි දින උත්සවය රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරයි.