ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් පිරිසක් චීනයේ සංචාරයක

    ඔක්තෝබර් 28, 2018

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 දෙනෙකු   (27 ) දින සිට නොවැම්බර් 4 දක්වා දින 09ක චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති.

    කතානායක කරූ ජනසූරිය මහතාගේ ඉල්ලීම පරිදි චීන රජය මේ සඳහා අනුග්‍රහය දක්ව තිබේ.

    චීනයේ විවෘතවීම සහ ප්‍රතිසංස්කරණයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම ප්‍රථම චාරිකාවට පාර්ලිමේන්තුව වාර්තාකරණය සිදු කරන විද්‍යුත්,මුද්‍රිත සහ වෙබ් අඩවි මාධ්‍යවේදීන් 26 දෙනෙකු ඇතුළත් වෙයි.

    මෙම සංචාරයට සහභාගී වන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවක් කතානායක කරූ ජයසූරිය මහතාගේ සහ චීන ශ්‍රී ලංකා චීන තානපති (Cheng Xueyuan) මහතාගේ ප්‍රධනත්වයෙන්  කතානායක කාර්යාලයේ දී පැවැත්විණි.

    එහිදී අඳහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික සම්බන්ධතාවය තවත් තහවුරු කරනු පිණිස මාධ්‍යවේදීන්ගේ මෙම සංචාරය හේතුවනු ඇති බවය. ශ්‍රී ලංකාවේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙසේ එකවර තම රටේ සංචාරයකට එක් කර ගැනීමට ලැබීම පිළිබඳව චීන ජනරජය වෙනුවෙන් සතුටට පළ කරන බව කී තානාපතිවරයා සංචාරය සඳහා සුබ පැතුම් එක් කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා; තමාගේ ඉල්ලීමකට චීන රජය දැක්වූ සුබවාදී ප්‍රතිචාරයට එම රජයට සහ චීන තානාපතිවරයාට ස්තූතිය පළ කළේ ය.

    චීන සංචාරයේ යෙදෙන පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ මෙම ප්‍රථම කණ්ඩායමෙන් පසු දෙවන කණ්ඩායම ලබන වසරේ දී සංචාරයේ නිරත කිරීමට චීන රජයේ කැමැත්ත පළ කර ඇති බවද කතානයකවරය පැවසී ය.

    මේ අවස්ථාවට චීන තානාපති කාර්යලයේ නිලධාරීහු ද, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, සංචාරයේ සම්බන්ධීකරනයේ යෙදී සිටින නිලධරීන් වනලක්ෂ්මන් කුමාර, දුමින්ද උඩමලත්තගේ සහ ධනුෂ්කා ජයතිලක යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya