www.presidentsfund.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ජනාධිපති අරමුදලෙන් සපයන සේවාවන් පිළිබඳ විස්තර සහ අයදුම් පත් ලබා ගත හැකි අතර, වෙබ් අඩවිය ඔස්සේ අයදුම් පත් පිරවීමට ද පහසුකම් සලසා ඇත. ඉන් අනතුරුව සිදුවන කි‍්‍රයාවලිය පිළිබඳව ද නිරන්තරයෙන් මෙම නව වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
1978 අංක 07 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතින් ස්ථාපිත කර ඇති ජනාධිපති අරමුදලේ අරමුණු රාශියකි. ඉන් ජීවිත තර්ජිත රෝගාබාධ සඳහා වෛද්‍යාධාර සැපයීම මූලික අරමුණක්ව පවතී.
පාලක මණ්ඩලයකින් පාලනය වන මෙහි සාමාජිකයන් වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකි. පාලක මණ්ඩලයේ සභාපති වන්නේ ජනාධිපතිවරයායි. මේ වන විට ජනාධිපති අරමුදලේ පරිපාලන කටයුතු වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් වෙනම ලේකම්වරයෙකු ද පත් කර සිටී.
මෙම අරමුදලේ ගිණුම පවත්වාගෙන යනු ලබන්නේ මහ බැංකුවේ පමණි. විගණකාධිපතිවරයා විසින් සෑම වසරකම අරමුදල විගණනය කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
අධ්‍යාපනික ශිෂ්‍යාධාර ලබාදීම, ආගම් පෝෂණය සඳහා මුල්‍යාධාර සැපයීම ඇතුළු ජනතා සුබසිද්ධිය වෙනුවෙන් වූ වැඩසටහන් සඳහා දිරිදිමනා සහ ආධාර සැපයීම ද ජනාධිපති අරමුදල මගින් සිදු කරනු ලබයි.
ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ද අද දින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
2017 ජූලි 01 වනදා සිට 2018 සැප්තැම්බර් 30 වනදා දක්වා රෝගීන් 8118 දෙනෙකු වෙනුවෙන් මුල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1650 කට අධික මුදලක් ජනාධිපති අරමුදල මගින් ලබා දී තිබෙන බව මෙහි දී සඳහන් කෙරිණි.
විපක්ෂනායක ආර්. සම්බන්ධන්, කථානායක කරූ ජයසූරිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයන් සහ ජනාධිපති අරමුදලේ ලේකම් ඩී.එන්. නානායක්කාර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.