විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාක් රටවල තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ඊයේ (31)දිනයේ සිය කාර්යාලයේදී හමු විය.
අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කිරීම සඳහා, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඉන්දියාව,මාලදිවයින සහ පාකිස්ථානය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හා ඔවුන්ගේ නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා ද මෙම හමුවට සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.